නවතම පුවත්

කඩාවැටුණු සංචාරක කර්මාන්තය යළි නැගිටුවන්න කොළඹ සරසවිය වැඩ අරඹයි

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාව මෙන්ම අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරවලට ලක්වූ වෙනත් රටවල් වල සංචාරක කර්මාන්තය යලි ගොඩනැංවූ අකාරය පිළිබඳව පුළුල් සමීක්ෂණයක් කර , ඒ හරහා මෙරට සංචාරක කර්මාන්තය යලි ගොඩනැංවීමට අවශ්‍ය ක්‍රමෝපායන් සැකසීම සඳහා පුළුල් කතිකාවක් සංවිධානය කිරීමට කොළඹ විශ්ව විද්‍යාලය සැලසුම් කර ඇත.

කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ සංචාරක අධ්‍යාපන පාඨමාලාවේ සිසු සිසුවියන් විසින් මෙම සමීක්ෂණය සිදුකරන අතර එම සමීක්ෂණයේ ප්‍රතිඵල සමගින් ,මෙරට සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවීනයින් මෙන්ම ප්‍රතිපත්ති සම්පාදකයින් හා බලධාරීන්ද සම්භන්ධ කරගනිමින් පුළුල් ජාතික කතිකාවක් සංවිධානය කිරීමට සැලසුම් කර ඇති බව එම පාඨමාලාවේ සම්භන්ධිකාරක අචාර්ය සුරංග සිල්වා මහතා the colombo express.com වෙත සඳහන් කළේය .

‘ පසුගිය පාස්කු ඉරිදා දින මෙරට සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයන් හේතුවෙන් මෙරට සංචාරක කර්මාන්තයට මරු පහරක් එල්ලවුනා. කැපී පෙනෙන වර්ධනයක් අත්පත් කරගනිමින් සිටි ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ඉදිරි ගමන මෙම ප්‍රහාරය හේතුවෙන් සම්පූර්ණයෙන්ම අඩාල වුනා. නමුත් සිදුවූ දේ ගැන පසුතැවෙමින් නොසිට යලි මෙරට සංචාරක කර්මාන්තය ගොඩනැංවීම සඳහා අපගේ දායකත්වය උපරිම අයුරින් ලබාදිය යුතු බව අප තීරණය කලා . ඒ අනුව තමයි මෙම සමීක්ෂණය හා කතිකාව සංවිධානය කිරීමට අප සැලසුම් කලේ ‘ යැයි අචාර්ය සුරංග සිල්වා මහතා පැවසීය .

‘පසුගිය කාලය තුල isis ත්‍රස්ත සංවිධානයට සම්භන්ධ මෙවැනි ප්‍රහාර රැසක් , ලොව පුරා රටවල් රැසකට එල්ලවී තිබෙනවා. එම ප්‍රහාර හේතුවෙන් එම රටවල සංචාරක ක්ෂේත්‍රයද අඩාල වුනා . නමුත් කෙටි කලකින් යලි සංචාරක කර්මාන්තය ගොඩගැනීමට එම රටවල් බොහොමයකට හැකිවුනා. එහිදී එම රටවල් අනුගමනය කල ක්‍රමෝපායන් හා ප්‍රතිපත්ති අප අධ්‍යයනය කල යුතුයි , සමීක්ෂණය කල යුතුයි. ඒ හරහා මෙරටට ගැලපෙන ක්‍රමෝපායන් හා ප්‍රතිපත්ති මාලාවක් සකසා ගැනීමට සහයක් ලැබෙනු ඇති බව විශ්වාසයි ‘ යයිද සුරංග සිල්වා මහතා පැවසීය .

‘මෙම විමර්ශනය සංචාරක අධ්‍යාපන පාඨමාලාවේ සිසු සිසුවියන්විසින් සිදුකර එහි ප්‍රතිඵල පුළුල් ජාතික කතිකාවක් ,සංවාදයක් ලෙස අවධානයට ලක්කිරීම ඉතා වැදගත් . එම කතිකාව හරහා මෙරට සංචාරක කර්මාන්තය යලි ගොඩනැංවීමට අදාල ක්‍රියාකාරී සැලසුම ගොඩනැගීමට අදාළ බලධාරීන් කටයතු කල යුතුයි . එය ඔවුන් සතු වගකීමක්. අප කරන්නේ ඊට අවශ්‍ය පදනම , , වේදිකාව සැකසීමයි ‘ යැයිද සුරංග සිල්වා මහතා වැඩිදුරටත් අප වෙත සඳහන් කළේය .

ආචාර්ය සුරංග ද සිල්වා
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්