නවතම පුවත්

කන්කසන්තුරේ සිමෙන්ති කම්හල ආයෙත්

අසංක

අසංක

දැනට අක්‍රිය වී ඇති ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව සතු කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලා පරිශ්‍රයේ නැවත සිමෙන්ති කර්මාන්ත ශාලාව ප්‍රතිස්ථාපනය කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.

සිමෙන්ති නිෂ්පාදනය සදහා අවශ්‍ය ඉහල ගුණාත්මකබවින් යුතු හුණුගල් බහුල වශයෙන් පවතින කන්කසන්තුරේ කම්හල් භූමියෙහි යළි එය ක්‍රියාත්මක කිරීමෙන් මෙරට සිමෙන්ති අවශ්‍යතාව සපුරාලීමට ප්‍රමුඛ දායකත්වයක් ලබාදීමට හැකිවේ.

එසේම වෙළෙඳපොළට ප්‍රමිතියෙන් යුතු , සාධාරණ වූ මිලකට සිමෙන්ති එක්කල හැකිද වනු ඇති බව එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වූ වැවිලි හා කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

1950 වර්ෂයේදී කර්මාන්ත දෙපාර්තමේන්තුව යටතේ ආරම්භ කොට ඇති මෙම කන්කසන්තුරේ සිමෙන්ති කම්හල පැවති යුදමය වාතාවරණය නිසා 1990 වර්ෂයේ පටන් අකර්මණ්‍ය තත්ත්වයට පත්ව තිබේ.

මෙම භූමි පරිශ්‍රය අක්කර 731ක වපසරියෙන් යුතු වේ.

එය ගුණාත්මක හුණුගල්වලින් බහුල ප්‍රදේශයකි.

එනිසා විවිධ අභියෝගයන් මැද මේ වනවිට නැවත එම සිමෙන්ති කර්මාන්ත ශාලාව ප්‍රතිස්ථාපනය කිරීමට සුදුසු දේශීය හෝ විදේශීය ආයෝජකයෙකු සම්බන්ධ කරගැනීමේ විධිමත් වැඩපිළිවෙළ සිදු වෙමින් පවතින බව අමාත්‍යවරයා පවසාා ඇත..

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්