වැටලීමකට ගිය නාවික හමුදා භට පිරිසකට ප‍්‍රදේශවාසීන් පහරදීම නිසා නොසන්සුන් වූ කින්නියා කන්දල්කාඩු ප‍්‍රදේශයේ ආරක්ෂාවට තවදුරටත් පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය යොදවා සිටිනවා.
කෙසේවෙතත් මේ වනවිට එහි තත්වය සාමකාමී බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ.
සිදු වූ පහරදීම පිළිබඳ පොලිස් විමර්ශන ද සිදු වනවා. මේ වනවිට නාවික හමුදා නිලධාරීන් 08 දෙනෙකුගෙන් සහ ප‍්‍රදේශවාසීන් 04 දෙනෙකුගෙන් ඊට අදාළව ප‍්‍රකාශ ලබාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේ.
වැටලීම අවස්ථාවේ නාවික හමුදාවෙන් පලා යාම සඳහා මහවැලි ගගට පැන මියගිය දෙදෙනෙකුගේ මළ සිරුරු ද මේ වනවිට සොයාගෙන තිබෙනවා. එලෙස සිරුර සොයාගත් පළමු තැනැත්තාගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (30) සිදු කෙරුණු අතර දියේ ගිලීමෙන් ඔහුගේ මරණය සිදුව ඇති බවයි එහිදී තහවුරු වී ඇත්තේ.
දෙවන තැනැත්තාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (31) සිදු කිරීමට නියමිතයි. ප‍්‍රදේශවාසීන්ගේ පහරදීම්වලින් තුවාල ලද නාවික හමුදා නිලධාරීන් 03 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබනවා.
නාවික හමුදාව අදාළ වැටලීම සිදු කළේ මහවැලි ගගේ සිදු කෙරෙන නීති විරෝධි වැලි කැණීමේ ජාවාරමක් හෙළිකර ගැනීම සඳහායි. තමන් වෙනුවෙන් නාවික හමුදාව මෙම වැටලීම සිදු කළ බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය පැවසුවා