කඳුකරයේ දෙමළ ජනතාවගේ ගැටලුවලට නිසි විසදුම් ලබාදීමටත් , ඔවුන්ගේ අයිතීන් සුරක්‍ෂිත කිරීමටත් , මෙරට පාලනය කල සියලු රජයයන් අපොහොසත්ව ඇති බැවින් ජනාධිපතිවරණ අපේක්‍ෂකයෙකු ලෙස තමා වෙනුවෙන් රජය වියදම් කරන මුදල් ප්‍රමාණය , එම දෙමළ ජනතාව වෙනුවෙන් ගෙවන වන්දි මුදලක් ලෙස සැලකිය හැකි බවත් , එම් තිලගරාජා මහතා අවධාරණය කර සිටී .

තමා ජනාධිපතිවරණයට ඉදිරිපත්වනුයේ , ,කඳුකරයේ දෙමල වතු කම්කරු ජනතාවගේ අයිතීන් හා ගැටළු වෙනුවෙන් හඬක් නැගීමට බවත් , මෙවර ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්‍ෂකයෙකු ලෙස ඉදිරිපත්වී සිටින එම් තිලගරාජා මහතා සඳහන් කළේය .
, ඊයේ (15) දින උදෑසන රාජගිරිය මැතිවරණ කාර්යාලයේදී , ජනාධිපතිවරණයට අදාල නාමයෝජනා භාරදීමෙන් අනතුරුව , පාක්‍ෂිකයින් හමුවේ අදහස් දක්වමින් තිලගරාජා මාහතා මේ බව පැවසීය .
වසර 200ක් පුර මෙම දෙමල කම්කරු ජනතාව මෙරට .ආර්ථිකයේ ප්‍රගමනයට විශාල දායකත්වයක් සපයා ඇති නමුත් , ඔවුන්ගේ ආර්ථික ගැටලුවලට විසදුම් ලබාදීමට මෙරට පාලක පන්තිය අසමත්වීම කනගාටුවට කරුණක් බවද තිලකරාජා මහතා මෙහිදී පැවසීය .
