අජිත් නිවාඩ් කබ්රාල් මහතා මීට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස වැඩ භාර ගත්තේය. සර්ව ආගමික ආශිර්වාද මැද ඒ මහතා සිය වැඩ ආරම්භ කිරීම සිදුකළේය.
මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යධුරය හොබවමින් සිටි කබ්රාල් මහතාට ජනාධිපතිවරයා විසින් කරන ලද ආරාධනයකට අනුවයි මෙලෙස යළි මහ බැංකු අධිපතිධූරය භාරගනු ලැබුවේ.
ප්‍රවීණ වරලත් ගණකාධිකාරීවරයෙකු වන ඔහු පසුගිය 2005 සිට 2015 දක්වා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව සමයේද මහ බැංකු අධිපතිධූරය හොබවන ලදී.
ක්‍රියාකාරී දේශපාලනයේ සිට යළි මහ බැංකු අධිපතිධූරය භාර ගැනීම සම්බන්ධයෙන් මේ වන විට විපක්ෂය ඇතුළු පාර්ශව රැසකගෙන් අජිත් නිවාඩ් කබ්රාල් මහතාට චෝදනා එල්ල වී තිබෙන අතර මෙම පත්වීමට විරෝධය පළකරමින් මැන්ඩාමස් රිට් පෙත්සමක්ද අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබේ.