නවතම පුවත්

මුදල් පනත අද සිට බලාත්මකවේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

පාර්ලිමේන්තුවේදී පසුගියදා සම්මතවූ 2021 අංක 18 දරන මුදල් පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය අද (15) පෙරවරුවේ සටහන් කළ බව කතානායක කාර්යාලය සඳහන් කර සිටී .

මේ අනුව එම පනත් කෙටුම්පත අද සිට බලාත්මක වනු ඇත.

මුදල් පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී ඉකුත් 7 වැනිදා සම්මත විය. පනතට පක්ෂව ඡන්ද 134 ක් ලැබුණු අතර, ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 44ක් පමණි.

මුදල් පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීමේදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ‍ ඊට ඡන්දයක් ලබා දෙන්නැයි කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය. එම ඡන්ද විමසීම පැවැත්වුණේ ඒ අනුවය.

මෙම මුදල් පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය ඇතුළු දේශපාලන පක්ෂ ගණනාවක නායකයෝ මුල සිටම සිය විරුද්ධත්වය පළ කළහ.

මුදල් විශුද්ධිකරණ පනත යටතේ වැරදිකරුවන්වන පුද්ගලයන්ට මෙම පනතින් සුජාතභාවයක් ලැබෙන බව එම පක්‍ෂවල අදහස විය .

 

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්