නවතම පුවත්

කම්කරු සහන හරියට දෙන්න පනත් සංශෝධනයක්

අසංක

අසංක

කම්කරු ජනතාවට සහන ලබාදීමේදී ඊට බාධාවක් වූ සියලු කම්කරු අනපනත් සංශෝධනය කිරීමට කම්කරු අමාත්‍යාංශය පියවර යොදා ඇත.

ඒ අනුව, සේවක අර්ථ සාධක අරමුදල් පනතට අදාළ දායක මුදල් නොගෙවීමේ නඩු කම්කරු විනිශ්චය සභාවට යොමු කිරීමට එම පනත සංශෝධනය කරන බවත්, කම්කරු විනිශ්චය සභා ලබා දෙන නියෝග එම කම්කරු විනිශ්චය සභා තුළින්ම බලාත්මක කිරීමේ නීති සංශෝධන ගෙන එන බවත් කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද දින මාධ්‍යවෙත පැවසීය.

එසේම පාරිතෝෂිත දීමනා පනත ද සංශෝධනය කරමින් එම ගෙවීම් වලට අදාළ නඩු ද කම්කරු විනිශ්චය සභාවට යොමු කිරීමට යොමු කෙරේ. ඊට අමතරව පඩි පාලක සභා ආඥා පනත, සාප්පු හා කාර්යාල සේවක පනත සහ 2016 අයවැය දීමනා පනත යටතේ වන අයකර ගැනීමේ නඩු ද කම්කරු විනිශ්චය සභා වලට පැවරීමද අදාළ නීති සංශෝධන ඉතා ඉක්මණින් ගෙන එන බවත් ඇමතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

එසේම වෘත්තීය සමිති වල සහ කම්කරු ජනතාවගේ දිගු කාලීන ඉල්ලීමක් වූ සේවක වන්දි ආඥා පනත යටතේ දැනට ගෙවනු ලබන රුපියල් 550,000.00 ක වන්දිය, රුපියල් ලක්ෂ 20 දක්වා වැඩි කිරීමටත් එම වන්දි නඩු ද විභාග කිරීමේ බලය කම්කරු විනිශ්චය සභා වෙත පැවරීමට අදාල සංශෝධන ගෙන එන බව අමාත්‍යවරයා පැවසීය.

මෙයට ප්‍රධාන හේතුව දැනට මෙම නඩු විභාග කෙරෙන මහේස්ත්‍රාත් අධිකරණයන්හි පැවති නඩු අධිකභාවය නිසා ප්‍රතිලාභීන්ට කඩිනමින් සාධාරණය ඉටු කර දෙන බව ඇමතිවරයා පෙන්වා දුන්නේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්