තරුණයින් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කරන ලදැයි හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ඇතුළු සියලුම සැකකරුවන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පැවරීමට නීතිපතිවරයා තීරණය කර තිබෙන බව රහස් පොලීසිය කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා වෙත අද දැනුම් දුන්නේ ය.
හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ඇතුළු සැකකරුවන්ට අපරාධ නඩු විධි විධාන පනතේ 296 වැනි වගන්තිය යටතේ නඩු පැවරීමට නීතිපතිවරයා දැනටමත් තීරණය කර ඇතැයි රහස් පොලීසියේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා අධිකරණය වෙත දන්වා සිටියේ ය.
ඉෂාර රත්නකාර