නවතම පුවත්

‘මෙතෙක් අත්අඩංගුවට ගත් සියලු මත්ද්‍රව්‍ය ලබන 01 වැනිදා විනාශ කරනවා’ – ජනපති

අසංක

අසංක

මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇති සියලු නීති විරෝධී මත්ද්‍රව්‍ය ලබන අප්‍රේල් 01 වැනිදා කටුනායකදී විනාශ කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඔහු පවසන්නේ විනිසුරුවරුන් හා පොලිස් නිලධාරින් ඉදිරියේ මෙය සිදුකරන බවය.

අද මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ පැවැති සාකච්ඡාවකදී ජනපතිවරයා මෙම අදහස් පළ කර සිටියේය.

අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය ප්‍රසිද්ධියේ විනාශ නොකරන්නේ ඇයි ද යන්න පිළිබද මෑතකදී සමාජය තුළ මහත් කතාබහට ලක්වූ ආන්දෝලනාත්මක මාතෘකාවක් බවට පත්වී තිබිණ.

සමාජ ජාල තුළ ජනාධිපතිවරයා ඇතුළු බලධාරීන්ගෙන් ඍජුව ඒ පිළිබද විමසන අවස්ථා බොහෝවිට හමුවිය.

මෙරට ලොකුම මත්කුඩු තොගය පසුගියදා හමුවී තිබුණි.

අත්අඩංගුවේ තිබියදී මත්ද්‍රව්‍යවලට සිදුවන දේ සම්බන්ධයෙන් පළවන වාර්තා හේතුවෙන් ජනතාව තුළ ඒ පිළිබද තිබුණේ සැකයකි.

මෙම තත්වය හමුවේ ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය කර තිබේ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා