නවතම පුවත්

කරවල වාඩියකින් ක්ලේමෝ බෝම්බයක්

අසංක

අසංක

අහුංගල්ල සුමංගල මාවතේ පිහිටි කරවල වාඩියක වලදමා තිබුණු අධිබලැති ක්ලේමෝ බෝම්බයක් ඊයේ (13) සොයාගෙන ඇත.

තංගල්ල මූලස්ථාන පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව අහුංගල්ලට ගොස් මෙම කරවල වාඩිය පරීක්ෂා කිරීමේදී මෙම බෝම්බය හමුවී තිබේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිෂ්පාදිත මෙම බෝම්බය හමුවී ඇත්තේ කරවල වාඩිය වටකර ඇති තාප්පයක් ආසන්නයේ වලදමා තිබියදීය.

මෙම බෝම්බය කිලෝ දෙකහාමාරක් පමණ බරැති එකක් බවත් මෙම ස්ථානයේ මෙම බෝම්බය වලදමා ඇත්තේ මාසයකට දෙකකට පමණ පෙර දී බව සැකකරන බවත් පොලීසිය කියයි.

මෙම කරවල වාඩියේ හිමිකරු කොස්ගොඩ පිටියගොඩ මාදොඹේ පදිංකරුවෙකි. ඔහු මේ වන විට පොලීසියට කට්ටිපනමින් සිටින බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. ඔහුව අත්අඩංගුවට ගැනීමට විමර්ශනයක් ආරම්භකර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්