කරාපිටිය රෝහලේ  කොවිඩ් ඖෂධයක් ගැන රෝහල් බලධාරීන් දන්නෙත් නැතිලු

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න
කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය සම්පත් ගුණවර්ධන මහතා විසින් හඳුන්වා දුන් බව කියන කොරෝනා වෛරසය සඳහා වූ දේශීය ආහාර අතිරේකය ගැන කිසිවක් තමා  නොදන්නා බව එම රෝහලේ වැඩබලන අධ්‍යක්ෂවරයා අවධාරණය කර සිටී.
ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කර විමර්ශනයක් සිදුකරන බවද  වැඩබලන අධ්‍යක්ෂ ප්‍රියන්ත ප‍්‍රියන්ත ජීවරත්න මහතා මාධ්‍ය වෙත  සඳහන් කළේය.
කරාපිටිය ශික්ෂණ රෝහලේ නම යොදා ගැනීම සම්බන්ධයෙන් එම වෛද්‍යවරයා ගැන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත දැනුම් දීමක් සිදු කරන බවද ඔහු තවදුරටත් කියා සිටියේය.
මෙහි සත්‍ය අසත්‍යතාව පිළිබඳ පරීක්ෂණයක් ඉක්මනින්ම සිදුකළ යුතු බවත් පැවසූ ඔහු එවන් ඖෂධයක් හෝ ආහාර අතිරේකයක් සඳහා නිසි ක්‍රමවේදය අනුගමනය කළ කර ඇත්දැයි එහිදී හෙළි වනු ඇතැයිද පැවසීය.