කරුණාගේ ප්‍රකාශය ගැන CID විමර්ශනයක්

Picture of අසංක

අසංක

හිටපු අමාත්‍යවරයෙකු මෙන්ම පාර්ලිමේන්තු ජාතික ලැයිස්තුවෙන් පත් වූ  මන්ත්‍රීවරයෙකු ද වූ විනයාගමූර්ති මුරලිදරන් හෙවත්  කරුණා අම්මාන් විසින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙස වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

ඒ  එල්ටීටීඊ සංවිධානයේ සාමාජිකයෙකු ලෙස කටයුතු කළ සමයේ කරුණා අම්මාන් විසින් සිදුකළ බව කියන අපරාධ පිළිබද ඔහු සිදුකළ බව කියන ප්‍රකාශයක් සම්බන්ධයෙනි.

ඔහු විසින් පසුගිය දිනෙක කරන ලද එම  ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පවත්වන ලෙස මෙන්ම මතභේදාත්මක  විවේචන ද විවිධ පාර්ශවවලින් එල්ල වී තිබුණි.