ඉදිරි මහමැතිවරණයට දෙමළ එක්සත් නිදහස් පෙරමුණෙන් අම්පාර දිස්ත්රික්කයෙන් තරග වදින විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් මහතා මීට ටික වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.
ඒ ප්රකාශයක් ලබාදීම සඳහායි.
ඔහු එල්ටිටීඊයෙ කටයුතු කළ සමයේදී ශ්රී ලංකා යුධ හමුදා සෙබළු 2000ක් 3000ක් පමණ ඝාතනය කළ බව කියන ලදැයි කියන ප්රකාශයක් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස වැඩබලන පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝග කර තිබුණි.