නවතම පුවත්

සමගි ජනබලවේගයේ පෙත්සම ඉවතට

අසංක

අසංක

එක්සත් ජාතික පක්ෂය විසින් සාමාජිකයන් 99 දෙනෙකුගේ පක්ෂ සාමාජිකයත්ව අත්හිටුවීමට ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස සමගි ජන බලවේගයේ විසින් සිදුකළ ඉල්ලීම කොළඹ දිසා අධිකරණය ප්‍රතික්ෂේප කර ඇත.

පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එරෙහිව සමගි ජන බලවේගයේ මහා ලේකම්රං ජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් ගොනුකළ නඩුව කොළඹ දිසා විනිසුරු අමාලි රණවීර මහත්මිය ඉදිරියේ අද කැඳවා තිබිණි.

එහිදී විනිසුරුවරිය අවධාරණය කළේ වාරණ නියෝගයක් අයැද සිටීමේදී පැමිණිලි පාර්ශ්වය විසින් සත්‍ය කරුණු අධිකරණයට අනාවරණය කිරීම අවශ්‍ය බවයි. එම අවශ්‍යතාවය මෙහිදී අවධාරණය වී නොමැති හෙයින් වාරණ නියෝගයක් නිකුත් කළ නොහැකි බවයි විනිසුරුවරිය ප්‍රකාශ කළේ.

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා, උප නායක රවී කරුණානායක මහතා, මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ඇතුළු පිරිසක් මෙහි වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇත.. මෙම නඩුව ජූලි මස 27 වැනිදා දක්වා කල්තැබූ විනිසුරුවරිය නියෝග කළේ එදින අධිකරණයේ පෙනී සිටින්නැයි වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්