නවතම පුවත්

කලු ගගේ මිල්ල කන්ද ප්‍රදේශයේ ජල මට්ටම ඉහළ යයි – අවධානයෙන් පසු වෙන්න

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පවතින වර්ෂාව අනුව බොහෝ ගංඟාවල ජල මට්ටම තවදුරටත් සාමාන්‍ය තත්ත්වයක පවතින බව අපදා කළමණාකරන මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙයි. මේ වන විට කලු ගඟේ මිල්ලකන්ද ප්‍රදේශයේ ජල මට්ටම ඉහළ යමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව විසින් අද (19) දවල් මධ්‍යාන 12ට නිකුත් කල කාලගුණ තත්ව වාර්තාව.

දිවයින හරහා සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල දැනට පවතින තද සුලං තත්ත්වයත්,මධ්‍යම සහ සබරගමුව පළාත්වල පවතින වැසි තත්ත්වයත් තවදුරටත් බලාපොරොත්තුවේ.

බස්නාහිර, දකුණු, මධ්‍යම, සබරගමුව, වයඹ සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (70-80) පමණ දක්වාවන ඉතා තද සුළං ද, සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. (50-60) පමණ දක්වා තද සුළං ද ඇති විය හැක.

සබරගමුව, මධ්‍යම, බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

මධ්‍යම සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ක පමණ තද වර්ෂාපතනයන්ද, කලුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ට වැඩිතරමක් තද වර්ෂාපතනයන්ද ඇති විය හැක.

සෙසු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්