නවතම පුවත්

කසකස්ථානයේ විද්‍යාගාරයකින් තවත් ‘කොරෝනාවක්’ මතුවීමේ අවධානමක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කසකස්ථානයේ ” ජීව විද්‍යාගාරයකින් ” භයානක වෛරස  රෝගකාරක නිරාවරණය වීමේ අවධානමක් පවතින බව විදෙස් මාධ්‍ය අනතුරු අඟවා සිටී .

හමුදා පාලනය යටතේ පැවති මෙම  “ජීව විද්‍යාගාරයක්” කසකස්ථානයේ ඇතිවූ විරෝධතාවන් අතර වාරයේදී කැරලිකරුවන් ගේ ග්‍රහණයට නතුව ඇති බවත් ඒ අනුව  එහි පර්යේෂණවලට ලක් කෙරමින් තිබු භයානක වෛරස් රෝග කාරක පිටතට නිරාවරණය වීමේ අවධානම   මෙලෙස මතුවී ඇති බවත් වාර්තාවේ ..

කසකස්ථානයේ, අල්මාටි හි පිහිටි මෙම “ජීව විද්‍යාගාරය” අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සෘජු ආධාර යටතේ පවත්වාගෙන යනු ලබන බව රුසියානු මාධ්‍ය වාර්තා කර ඇත .

2017 වර්ෂයේදී ඉදිකෙරුණු මෙම විද්‍යාගාරය තුල ජීව විද්‍යාත්මක අවි නිපදවනු ලබන බවට චෝදනා එල්ල කෙරුණත් කසකස්ථාන රජය එම චෝදනා ප්‍රතික්ෂේප කරනු ලැබු අතර භයානක වෛරස් රෝග සම්බන්ධයෙන් පර්යේෂණ කිරීම සඳහා මෙම ජීව විද්‍යාගාරය ඉදිකිරීමේ මුලික අරමුණ බවයි කසකස්ථාන රජය එවකට සඳහන් කර සිටියේ .

එම විද්‍යාගාරය තුල භයානක වෛරස් සාම්පල් ද ගබඩා කර තිබු බවද සඳහන් වන බව මාධ්‍ය වාර්තා පෙන්වාදේ .

රුසියානු TASS පුවත් සේවය සඳහන් කලේ විද්‍යාගාරය කැරලිකරුවන්ගේ අතට පත්වීම හේතුවෙන් එහි තිබු ජීව විද්‍යාත්මක රසායනයන් මෙන්ම කොරෝනා වැනි භයානක  වෛරස් රෝග කාරකයන් පිටතට නිරාවරණය වීමේ අවධානමක් ඇති බවයි.

අදාල ජීව විද්‍යාගාරය පිටත “රසායනික ආරක්ෂක ඇඳුම් කට්ටල” වලින් සැරසුණු නාදුනන පුද්ගලයින් සිටින අයුරු දැක්වෙන සමාජ මාධ්‍යවල පලවූ වාර්තා වී තිබු බවයි රුසියානු TASS පුවත් සේවය සඳහන් කර තිබුණේ.

කෙසේ වුවත් කසකස්ථාන සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ  එම විද්‍යාගාරය කැරලිකරුවන් අතට පත් නොවූ බවත් එය ආරක්ෂා සහිතව සිය රජයේ පාලනයේ යටතේ පවතින බවත්ය

 

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි