නවතම පුවත්

කසළවලින් විදුලිය නිපදවීම මුතුරාජවෙල දී මැයි සිට

අසංක

අසංක

මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ නව සංධිස්ථානයක් සනිටුහන් කරමින් කැලිකසල භාවිතා කර විදුලිය බලය නිපදවන මෙරට ප්‍රථම බලාගාරය ලබන මැයි මාසයේදී විවෘත කිරීමට නියමිතව ඇත.

මුතුරාජවෙල ප්‍රදේශයේ ඉදිවන මෙම බලාගාරය හරහා කොළඹ නගරය ආශ්‍රිත ප්‍රදේශවල එකතුවන කැළිකසල තොග දහනය කර ඒ තුලින් මෙගා වොට් 11.5ක විදුලි බලයක් නිපදවීමට දැනට සැලසුම් කර ඇත.


එසේම මේ සඳහා කැලිකසල මෙට්‍රික් ටොන් 700ක් පමණ භාවිතා කිරීමට ඇස්තමේන්තු කර ඇත.

ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක් වැයකෙරෙන මෙම දැවැන්ත ව්‍යාපෘතිය හරහා මෙරට බලශක්ති අර්බුදයට මෙන්ම කැලිකසල අර්බුදයටද යම් විසදුමක් ලැබෙනු ඇති බවද ව්‍යාපෘතිය කළමනාකරණය කරන එයිට්කන් ස්පෙන්ස් සමූහයට අයත් වෙස්ටන් පවර් සමාගම සඳහන් කර සිටී .

වසර පුරා පැය 7500 ක් මෙම බලාගාරය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර ඉන් නිපදවන බලයෙන් මෙගා වොට් 9.7 ඍජුවම විදුලි බල මණ්ඩලය වෙත සැපයේ .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්