නවතම පුවත්

කහවලට කළ දේම මිරිිස්වලටත් කරන්න රජ‍ය සූදානම්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර


පැතුම් වික්‍රමරත්න

මිරිස් ආනයනය සීමා කර,  රටේ පරිභෝජනයට අවශ්‍ය  මිරිස් , ප්‍රමාණය රට තුලම නිෂ්පාදනය කිරීමට රජයේ අවධානය යොමුව ඇත.

ඒ අනුව වියළි මිරිස් ආනයනය  සම්පූර්ණයෙන්ම ඉදිරියේදී නවතා දැමීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව ඉදිරියේදී රටට අවශ්‍ය වියලි මිරිස් මෙට්‍රික් ටොන් 50,000ක් දේශීයව නිශ්පාදනය කිරීමට කෘෂිකර්ම අමාත්‍යවරයා ඇතුළු කෘෂිකර්මාන්ත අමාත්‍යාංශය බලාපොරොත්තු වේ.

ඒ සඳහා අමු මිරිස් ‍මෙට්‍රික් ටොන් ලක්ෂ 3කට ආසන්න ප්‍රමාණයක් අවශ්‍ය වන බව කෘෂිකර්ම අමාත්‍යවරයා පවසයි.මේ වනවිට ඒ සඳහා නාවලපිටිය ගලබොඩවත්ත ප්‍රදේශයේ අක්කර 100ක මෙම මිරිස් වගා ව්‍යාපෘතිය කරගෙන යන අතර,මිරිස් වගාකරන ගොවීන් 200 දෙනෙක් දක්වා වැඩි කර ගැනීමටද බලාපොරොත්තු වේ.

එම ප්‍රදේශයේම වගාවට අවශ්‍ය බීජ නිශ්පාදනය කරන අතර ,රටට අවශ්‍ය බීජ සියල්ලම මහනුවර දිස්ත්‍රික්කය තුළ නිශ්පාදනය කරනු ලබන බව අමාත්යාංශය සඳහන් කර සිටී

උතුරු, නැගෙනහිර ආදී ප්‍රදේශ ගණනාවක් මෙම මිරිස් වගාවට සුදුසු බිම් ලෙස හඳුනාගෙන ඇති අතර අක්කර 3000ක් ඒ හඳුනා ගත් බිම් වලට ඇතුලත්ය.

මෙම මිරිස් වගාවෙන් අනතුරුව බලාපොරොත්තු වන්නේ 2024 වර්ෂය උදාවන විට 100% ක් වියලි මිරිස් ආනයනය සම්පූර්ණයෙන්ම නවතාලීම බව කෘෂිකර්ම අමාත්‍යවරයා පවසයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්