කහ අලෙවිය සම්බන්ධ සිදුකළ නීතිවිරෝධී ක්‍රියා හේතුවෙන් වෙළෙඳුන් 113 දෙනෙකුට එරෙහිව නඩු පවරා තිබේ.
පාරිභෝගික සේවා අධිකාරිය පවසන්නේ කහ කුඩු කිලෝවක් සඳහා රුපියල් 750ක පාලන මිලක් පනවා තිබිය දී ඒ මිල ඉක්මවා අලෙවිකරන වෙළෙඳුන්ට මෙලෙස නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවය.
ඊට අමතරව කල්ඉකුත් වු කහ අලෙවි කළ වෙළෙඳුන්ට එරෙහිව ද නඩු පැවරේ.
දිවයින පුරාම කහවලට විවිධ ද්‍රව්‍ය මිශ්‍රකර තත්ත්වය බාල කර ඇතැයි පැමිණිලි ලැබී ඇත.
රටපුරා විවිධ ප්‍රදේශවලින් කහ කුඩු සාම්පල 42ක් පමණ එකතු කර රසායනාගාර වෙත යවා ඇත.
ඉන් සාම්පල 23ක වාර්තා ලැබී ඇති අතර ඒ අනුව සාම්පල 13ක කහවලට යම් යම් දේ මිශ්‍රව ඇතැයි වාර්තා ලැබී තිබේ.
දිවයින පුරා සිටින දිස්ත්‍රික් නියොජිතයින්ට මේ පිළිබඳ අවධානයෙන් සිටින ලෙස පාරිභෝගික අධිකාරිය උපදෙස් දී ඇත.