කළු ජාතික ජෝජ් ෆ්ලොයිඩ් මරණයට පත්වූ ඇමෙරිකාවේ මිනසෝටා ප්‍රාන්තයේ මිනේපොලිස් නගරයේ
පොලිස් ස්ථානය ඉවත්කිරීමට ලෙස එම නගර කවුන්සිලය තීරණය කර ඇත.
මෙම පොලිසිය මගින් නගර වැසියන්ට ආරක්‍ෂාවක් නොසැලසෙන බවත් ඒ අනුව මෙම පොලිස් ස්ථානය ඉවත්කිරීම පිළිබඳව
කවුන්සිලයේ බහුතර මතය යටතේ තීරණය කර ඇති බවත් එම නගර කවුන්සිලයේ සභාපතිනී ලීසා බෙන්ඩර් මහත්මිය මාධ්‍ය වෙත සඳහන් කර ඇත.
නගර කවුන්සිලයේ සාමාජිකයින් , ඇමෙරිකානු පොලිසියේ වර්ගවාදී ක්‍රියාවන්ට එරෙහිව ඊයේ පැවති විරෝධතාවන්ටද සහය පළකර ඇත.
සමස්තයක් ලෙසම ඇමෙරිකානු පොලිසියේ කටයුතු සිදුවන අකාරය පිළිබඳව තම කවුන්සිලයේ කිසිදු පැහැදීමක් නැති බවද සභාපතිනිය මෙහිදී සඳහන් කර ඇත.