නවතම පුවත්

කළු දිලීර රෝගය ඉන්දියාවේ වසංගතයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

අසංක

අසංක

ඉන්දියාව තුළ කොවිඩ් – 19 ආසාදනය වූ රෝගීන් සුව වෙමින් පවතින විට ඇතිවූ බව වාර්තා කළ ‘කළු දිලීර තත්ත්වය හෙවත් මියුකෝමයිකෝසිස් රෝගය’ වසංගතයක් ලෙස එරට ප්‍රාන්ත දෙකක රජයන් විසින් ප්‍රකාශයට පත් කර තිබේ .

ඒ ඉන්දියාවේ රාජස්ථාන් සහ තෙලන්ගනා ප්‍රාන්ත වන අතර මෙම රෝගය ආශ්‍රිත සිද්ධීන් වහාම රජය වෙත දැනුම් දිය යුතු බවට ද එමඟින් ප්‍රකාශයට පත් කර ඇත.

මහජන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වරයා විසින් තෙලන්ගනා ප්‍රාන්තය තුළ 1897 වසංගත රෝග පිළිබඳ පනතේ වහා දැන්විය යුතු රෝග යටතට මෙය ලැයිස්තුගත කර ඇත.

2020 රාජස්තාන් වසංගත පිළිබඳ වන නව පනත යටතට එහි රජය විසින් මෙම රෝගය ලැයිස්තුගත කර ඇත.

මේ අනුව ඉදිරියේදී එම රෝගය වාර්තා වන සියලු රෝගීන් පරික්ෂා කිරීම රෝග විනිශ්චය කිරීම අධීක්ෂණය ආදී කටයුතු සඳහා විශේෂ මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කෙරේ.

රාජස්ථාන් ප්‍රාන්තය තුළ කලු දිලීර තත්ත්වය ඇතිවු රෝගීන් සියයකට අධික වාර්තා වී ඇත.

තෙලන්ගනා ප්‍රාන්තය ද මේ වන විට අසූවකට අධික මෙවැනි රෝගීන් වාර්තා වී ඇත.

ඉන්දියාව පුරා මෙම රෝගය උත්සන්න වීමෙන් මරණ ගණනාවක් ද සිදුවී ඇති අතර ඇතමුන්ගේ දෑස් අන්ධ වීම ද වාර්තා වීමද තිබේ.

කළු දිලීර තත්ත්වය හට ගන්නා රෝගීන් වෙනත් විශේෂ ඒකකයක් වෙත යොමු කෙරෙන අතර මෙම රෝගයට ප්‍රතිකාර කිරීම කොවිඩ් වෛරස ප්‍රතිකාරය අනුකූල වීම පිළිබඳව වැඩි අවධානයක් යොමු කෙරේ.

මෙම කළු දිලීර තත්ත්වය හට ගන්නේ covid ආසාදනයෙන් පසු සිලින්ඩර් මගින් දියර ඔක්සිජන් ලබාගන්නා රෝගීන්ට බව හෙළිවී තිබේ.

covid 19 ආසාදනයන් සුව වූ පසු අඛණ්ඩව ලබා ගත යුතු ඖෂධ නියමිතව ලබා නොගැනීම තුළින්ද මෙම රෝගී තත්වය හට ගත් බවට පසුගිය දිනවල ඉන්දියාව වාර්තා කර තිබුණි.

තවදුරටත් එවැනි සිද්ධීන් සෙසු ප්‍රාන්ත වලින්ද වාර්තා වෙමින් පවතින බව එරට පුවත් සදහන් කරයි

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්