නවතම පුවත්

ක්ලේමෝ බෝම්බයක් සමග යුවලක් අත්අඩංගුවට – මෙහෙයවීම ස්විස්ටර්ලන්තයේ සිට

අසංක

අසංක

යාපනයේ සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ මගී බස් රථයක ගමන් කරමින් සිටි අඹු සැමි යුවලක් ක්ලේමෝ බෝම්බයක් සමග පරන්තන් ප්‍රදේශයේ දී පොලිසිය විසින් අද අත්අඩංගුවට ගෙන තිබේ .

ඒ හමුදා බුද්ධි අංශ වලින් ලද තොරතුරකට අනුවයි.

මෙම අමු සැමි යුවළ යාපනය ප්‍රදේශයේ රෙදි බුමුතුරුණු නිෂ්පාදනය කර අලෙවි කරන අයවලුන්ය.

ඔවුන් මෙම ක්ලේමෝ බෝම්බය රැගෙන විත් ඇත්තේ එම රෙදි බුමුතුරුණු සහිත බෑගයක සගවාගෙන ය.

ත්‍රිකුණාමලයේ සිට පරන්තන් දක්වා පැමිණෙන කිසියම් පුද්ගලයකුට මෙම බෝම්බය ලබාදීමට රැගෙන ගිය බව ප්‍රශ්න කිරීමේ දී සැකකාර යුවළ පවසා තිබේ .

මීට පෙරද යාපනයේ කිසියම් ස්ථානයකට මෙවැනි ක්ලේමෝ බෝම්බයක් මොවුන් විසින් මෙලෙස ප්‍රවාහනය කර දී ඇතැයි අනාවරණය වී ඇත.

හමුදා බුද්ධි අංශය වෙත හෙළි වූ තොරතුරුවලට අනුව මෙම බෝම්බ ගෙන යාමට සූදානම් වී ඇති ත්‍රිකුණාමලය වෙතයි.

කිසියම් සැලසුමකට අනුව කඩාකප්පල්කාරී ක්‍රියාවක් සඳහා මේවා ගෙන යන්නට ඇතැයි තොරතුරු ලැබී තිබේ.

මෙය මෙහෙයවනු ලබන්නේ ස්විස්ටර්ලන්තයේ සිටින පුද්ගලයකු බවට ද වාර්තා වී ඇත.

එම පුද්ගලයා හඳුනා ගෙන ඇති අතර ඔහු 2014 වසරේ දී එල්ටීටීඊ නැවත නැගී සිටුවීම සඳහා කටයුතු කළ සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට අත්අඩංගුවට ගැනීමට යුද හමුදාව සහ ත්‍රස්ත විමර්ශන ඒකකයේ ඒකාබද්ධ මෙහෙයුමකදී හමුදා වෙඩි ප්‍රහාරයකින් මරු මුවට පත්වූ ගෝපි නැමැත්තාගේ සහෝදරයාය.

මෙම බෝම්බ ප්‍රවාහනය පිළිබඳ හා ඒ කුමකට යන්න සම්බන්ධයෙන් දීර්ඝ ලෙස විමර්ශනයක් ආරම්භ කර ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්