ක්‍රිකට් ආයතනයේ පරිපාලන වියදම් 88%කින් ඉහළට

Picture of අසංක

අසංක

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන වියදම් පසුගිය වසර දෙක තුලදී සියයට 88 කින් ඉහල ගොස් ඇති බව එම ආයතනයේ නවතම මූල්‍ය වාර්තාවන්ගෙන් අනාවරණය වේ.

2016 වසරේදී පරිපාලන වියදම් රුපියල් මිලියන 228 ක සීමාවක පවතී අතර එය 2017 වසරේදී මිලියන 430 දක්වා ඉහල ගොස් ඇත , එසේම 2018 වසරේදී එය මිලියන 634 දක්වා ඉහල ගොස් ඇත .

මෙසේ පරිපාලන වියදම් ඉහල යාමට හේතු වූ කරුණු නිසි ලෙස දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අපොහොසත්ව ඇති බව එම ආයතනයේ හිටපු ලේකම්වරයෙකු වන නිශාන්ත රණතුංග මහතා ප්‍රකාශ කර සිටී.

එසේම ක්‍රිකට් කණ්ඩායමේ විදෙස් සංචාරවලදී ආයතනයට ලැබුණු මුදල් ප්‍රමාණයන් , විකාශ අයිතීන් හරහා ලැබුණු මුදල් ආදිය පිළිබඳව සවිස්තරාත්මක කරුණු ඉදිරිපත්කිරීමට ආයතනය අසමත් වී ඇති බවද ඒ මහතා මාධ්‍ය වෙත සඳහන් කර සිටී .