ක්‍රිප්ටොකරන්සි ලංකාවටත්

Picture of Roshan

Roshan


පැතුම් වික්‍රමරත්න

ඩිජිටල් බැංකුකරණය, බ්ලොක්චේන් තාක්ෂණය හා ක්‍රිප්ටොකරන්සි මයිනින් ඇතුළු අනෙකුත් සේවාවන් ශ්‍රී ලංකාවට විවෘත කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත .

ඩිජිටල් ව්‍යාපාරික පද්ධතියක් ඇති කිරීම පහසු කිරීමේ අරමුණින් මෙම පහසුකම් විවෘත කිරීමට තීරණය කර තිබේ.

මීට අදාල කැබිනට් පත්‍රිකාව තරුණ හා ක‍්‍රීඩා, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර තිබේ.