නවතම පුවත්

ක්‍රීඩකයන්ගේ සල්ලිත් අරන් පැන්න මල්ලවපොර කළමනාකරු අල්ලන්න ඉන්ටර්පෝල් සහය ගනී

Roshan

Roshan


දම්පත් රණසිංහ

නෝර්වේ ඔස්ලෝ නුවර පැවැති ලෝක මල්ලවපොර ශූරතා තරගාවලියට සහභාගිවීමට ගොස් තරග සංචාරය අතරතුර දී අතුරුදහන් වූ මල්ලවපොර සම්මේලනයේ උප සභාපති මෙන්ම කණ්ඩායමේ කළමණාකරු වශයෙන් ද කටයුතු කළ ඩොනල්ඩ් ඉන්ද්‍රවංශ මේ වන විට සැගවී සිටින රටෙන් මෙරටට පිටුවහල්කර ගැනීමට ජාත්‍යන්තර පොලීසියේ සහය ලබා ගැනීමට ක්‍රීඩා සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයේ අවධානය යොමුව තිබේ.

ඔහු සැළසුම් සහගතව පළායාමක් සිදුව ඇති බව මේ වන විට විමර්ශනවලින් පෙනී ගොස් ඇති බවත් ඔහු පළාගොස් ඇත්තේ ක්‍රීඩකයන්ගේ මුදල්ද රැගෙන බවත් ක්‍රීඩා සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් ෆොන්සේකා මහතා අපකළ විමසුමකදී සදහන් කළේය.

ජාත්‍යන්තර පොලීසියේද මේ වන විට ක්‍රීඩා දූෂණ සහ වැරදි සම්බන්ධයෙන් සොයා බැලීමේ විශේෂ ඒකකයක් ස්ථාපිත කර ඇත. එහි ශ්‍රී ලංකා නියෝජිතයා ලෙස පත්කර ඇත්තේ ක්‍රීඩා සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකයයි.

ජාත්‍යන්තර පොලීසියේ ක්‍රීඩා දූෂණ සහ වැරදි සම්බන්ධයෙන් සොයා බැලීමේ ඒකකය ලෝකයේ සෙසු රටවල ඔවුන්ගේ නියෝජිතයින් සමග ඊයේ(13) ඔන්ලයින් සමුළුවක්ද පැවැත්වීය.  ඊට මෙරටින් සම්බන්ධව සිටින්නේ ක්‍රීඩා සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් ෆොන්සේකා මහතාය.

මෙම විමර්ශනයට ජාත්‍යන්තර පොලීසියේ සහය ලබා ගැනීමට හැකියාවක් ඇති බැවින් රටට අපකීර්තියක්ගෙන දුන් මෙම පුද්ගලයා සම්බන්ධයෙන් ගත හැකි උපරිම පියවර ගන්නා බව ජගත් ෆොන්සේකා මහතා කීය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා