නවතම පුවත්

ක්‍රීඩාවේ අභිවෘද්ධිය සදහා යහපාලනය

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

වර්තමානය වන විට ලාංකේය ක්‍රීඩාවේ ඇති වී තිබෙන සහ ඇති වෙමින් පවත්නා වූ විනිවිදභාවයෙන් තොර හා අනෙකුත් අඛණ්ඩතාව සම්බන්ධ ක්‍රීඩාවේ අපකීර්තිය නිසා ලාංකේය ක්‍රීඩාවේ ප්‍රතිපත්තිය දුර්වල වී තිබේ.
ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජනමාධ්‍ය ක්‍රීඩා සංවිධාන, ක්‍රීඩා බලධාරීන්, ක්‍රීඩාලෝලීන් ආදී වූ බොහෝ පාර්ශව ක්‍රීඩාවේ වත්මන් ආකාරය පිළිබඳ මැසිවිලි නගති. මෙය ශ්‍රීලංකාවට පමණක් ආවේණික වූවක් නොව, යහපත් ක්‍රීඩා පාලනයක් නොමැති සෑම ක්‍රීඩා සම්මේලනයක්ම පවතින රටවල් මුහුණපාන ප්‍රධාන ගැටලුවකි.
මේ නිසා ඇතැම් රටවල රාජ්‍ය අධිකාරීන් පවා ක්‍රීඩා සම්මේලන සදහා අත්‍යවශය වන යහපාලනය පිළිබඳ අවම ප්‍රමිතීන් අනුගමනය කරමින් මහජන සුභ සිද්ධිය සදහා ක්‍රීඩාව මෙහෙය වීමට අව්‍යශ ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් අවධානයෙන් යුතුව කටයුතු කරනු ඇත.
ක්‍රීඩාවට සම්බන්ධ බොහෝ පාර්ශව, යහපාලනය යනු යුරෝපා සංගමයට, ජාත්‍යන්තර ඕලිම්පික් කමිටුවට හෝ ජාත්‍යන්තර ක්‍රීඩා සම්මේලනයන්ට පමණක් ආවේණික වූ මාතෘකාවක් බව සිතිය හැකිය. තවත් විටෙක කළමනාකරණයේදී හෝ පරිපාලනයේ සිදු කරනු ලබන වංචනික ක්‍රියා සිදු කරන පාර්ශව සොයා යන ක්‍රමවේදයක්  ලෙස ඇතැමුන් මෙය අවභාවිතයට ගෙන ඇත.
ක්‍රීඩා සම්මේලනයන්හි අරමුණු සංවිධානය සහ ඒ තුළින් වඩා කාර්යක්ෂමතාව වැඩි කර ගැනීමටත් එමගින් අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීමටත්, අනෙකුත් පාර්ශව සමග කටයුතු කිරීමට අවශ්‍ය විශ්වාසය දිනා ගැනීමටත් ඒ තුළින් ක්‍රීඩාවේ සාර්ථකත්වය ලබා ගැනීමට කටයුතු කිරීම සදහා යහපාලනය අනුව කටයුතු කිරීම වැදගත් බව, පර්යේෂණ මගින් තහවුරු කර ඇත.
සෑම සම්මේලනයක්ම එකම සම්පත් සදහා එකම පරිසරයක සිට කටයුතු කරනු ඇත. නිදර්ශනයක් ලෙස අනුග්‍රහකත්වයමත හෝ රාජ්‍ය අනුග්‍රහය ලබා ගැනීම සදහා යැයි සිතමු. මෙවැනි තත්වයක් යටතේ වඩාත් ඵලදායී ලෙස එම අවශ්‍යතා ඉටු කර ගැනීමට මෙම යහපාලන ක්‍රමවේද භාවිතයෙන් අවස්ථාව ලැබෙනු ඇත.
ලංකාවේ ඇතැම් ක්රීාඩා සම්මේලන එහි අභ්‍යන්තර ව්‍යහුහය සමාලෝචනය කරමින් ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කිරීමට උත්සාහ දරන අතර ඇතැම් ක්රීභඩා සම්මේලනයන් පෞද්ගලික න්‍යාය පත්‍රවලට අනුව කටයුතු කිරීමට නව මාර්ග සැලසුම් කරනු ඇත.
මේ නිසා ඕනෑම ක්‍රීඩා සම්මේලනයක් තම පරිපාලනය සහ කළමනාකරණ වහුව්‍ය පවත්වා ගෙන යාමේදී නොසැලකිලිමත් ප්‍රතිවිපාක සමග ගනුදෙනු කිරීමට වඩා විශ්වාසදායක පාර්ශවකරුවකු ලෙස ක්‍රීඩිවේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කිරීම‍ අත්‍යවශය වේ.
සෑම ක්‍රීඩා සම්මේලනයක්ම සෙසු සම්මේලන සදහා පූර්වාදර්ශ සපයමින් කටයුතු කිරීමටත්, විනිවිදභාවයකින් යුතුව ක්‍රියා කිරීමට කාලය පැමිණ ඇත.බොහෝ පිරිස් ක්‍රීඩාවෙන් දුරස් වීමට බලපා ඇති එක් හේතුවක් ලෙස ක්‍රීඩා පරිපාලන ව්‍යහුයේ විනිවිදභාවයක්  නො පැවතීම දැක්විය හැකිය. මෙලෙස සෑම සංවිධාන ව්‍යහුයකම නිතිපතා ස්වයං තක්සේරුවක් සදහා ඉඩ ලබා දීම මගින් යහපාලනය ක්‍රීඩාව නැංවීමට පුඵවන.
මේ වන විට බොහෝ වගකිව යුතු පිරිස් තරගකරනුයේ කෙසේ හෝ පදක්කම් ජයග්‍රහණ ලබා ගැනීමට සහ ඒ මගින් ක්‍රීඩිවේ දියුණුව පෙන්වා දීමටය. පදක්කම් ජයග්‍රහණ යනු ක්‍රීඩාවේ සමස්තය නොවේ. එය ක්‍රීඩාවේ පැවැත්ම, ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ඒ සදහා දායකත්වය දක්වන පිරිස් දිරි ගැන්වීමේ එක් ක්‍රමවේදයක් පමණි.මෙලෙස යථාර්ථය තේරුම් ගනිමින් සමස්ත ජන සමාජයේ ප්‍රගමනය වෙනුවෙන් ක්‍රීඩිව මෙහෙය වීමට කටයුතු කළ යුතුව ඇත.
සෘණාත්මක ප්‍රතිඵල වලින් වර්තමාන ක්‍රීඩාව මුදා ගැනීමට නම් පළමුව සිදු කළ යුතු වන්නේ ක්‍රීඩාව සදහා වන නිළධාරීන්, බලධාරීන්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් හෝ පුහුණුකරුවන් හා අදාළ පිරිස් පිළිබඳ විවේචන සිදු කිරීම හෝ ඉවත් කිරීම් නොව, ක්‍රීඩාව කළමනාකරණයට සහ ක්‍රීඩාව පරිපාලනය සදහාවූ ක්‍රීඩාවට අදාළ යහපාලන පුරුදු Z ( Good Governance Practices) භාවිතය අනිවාර්යය අංගයක් ලෙස ස්ථාපිත කිරීමයි.

ජේෂ්ඨ කථිකාචාර්ය අනෝමා රත්නායක
ක්‍රීඩා විද්‍යාව හා ශාරිරික අධ්‍යාපන අධ්‍යන අංශය කැළණිය විශ්ව විද්‍යාලය

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්