නවතම පුවත්

කාත්තන්කුඩියේ වත්තක අභිරහස් පිපිරුමක්

අසංක

අසංක

දම්පත් රණසිංහ

මඩකලපුව කාත්තන්කුඩි ප්‍රදේශයේ වත්තක සිදුව ඇති අභිරහස් පිපුරුමක් සම්බන්ධයෙන් ආරක්ෂක අංශ පුළුල් විමර්ශන ආරම්භ කර තිබේ.

පුපුරා ගොස් ඇත්තේ ස්කූටි වර්ගයේ යතුරු පැදියකි.

කිලෝග්‍රෑම් 10-15ක පමණ පුපුරණද්‍රව්‍ය යතුරුපැදියේ අසුන යට සගවා අටවා තිබී ඇතැයි ආරක්ෂක අංශ සැක කරයි.

පිපිරී ගොස් ඇති යතුරුපැදියේ සුන්බුන් හමුවී ඇත්තේ එම වත්තෙහි හිමිකරු අද උදෑසන එහි ගිය අවස්ථාවේදී ය.

පිපිරීමෙන් යකඩ බෝල අවට තහඩු වෙත සිදුරු කරගෙන ගොස් ඇති ආකාරය ද දක්නට ලැබී ඇත.

මූලික විමර්ශනවලදී හෙළිවී ඇත්තේ මෙම අභිරහස් පිපිරීම 16-17 දිනවලදී සිදුවන්නට ඇති බවයි.

අකුණක බලපෑමෙන් යතුරු පැදියෙහි සගවා තිබූ පුපුරණ ද්‍රව්‍ය පුපුරා යන්නට ඇතැයි ද සැක කෙරේ.

මෙම යතුරුපැදිය සහ තවත් එවැනිම යතුරු පැදියක් කැලණියේ වෙසෙන කාන්තාවකගෙන් මිලදී ගෙන ඇත්තේ කදාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු සොයා මේ වනවිට පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මකය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්