නවතම පුවත්

කාත්තන්කුඩි අභිරහස් පිපිරුම පිටුපස අන්තවාදීන් පිරිසක්

අසංක

අසංක

දම්පත් රණසිංහ

මඩකළපුව කාත්තන්කුඩි ප්‍රදේශයේ වත්තක සිදුවූ අභිරහස් පිපිරුම සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් මඩකළපුව බලා පිටත්වී තිබේ.

මෙම පිපිරුම පිටුපස අන්තවාදී පිරිසක් ඇති බවට සැකකළ හැකි සාක්ෂි එක් වී ඇතැයි රහස් පොලිස් ආරංචි මාර්ග පැවසීය.

පුත්තලම වනාතවිල්ලුවේ ගොවිපළකදී කැලෑ සටන් පුහුණු කදවුරක් හා බෝම්බ සෑදීමේ පුහුණුව දුන් කණ්ඩායම හා මෙම පිපිරුම අතර සම්බන්ධයක් ඇතැයි මේ වනවිට සැක කළ හැකි කරුණු ගණනාවක් මතුවී ඇත.

පුහුණු කදවුර පවත්වාගෙන ගොස් තිබුණේ කාත්තන්කුඩි දේවස්ථානයක ප්‍රධාන පූජකවරයා ඇතුළු පිරිසකි.

මේ වනවිට එම දේවස්ථානය වසා දමා ඔවුන් පැනගොස් තිබේ.

එම දේවස්ථානයට යුරෝපීය රටවලින් කෝටි ගණනින් මුදල් ලැබෙන බවට ද තොරතුරු පවතී.

පුහුණු කදවුරට සම්බන්ධ අයියා මලෝ දෙදෙනෙක් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.

පසුගිය දිනවල මාවනැල්ල ප්‍රදේශයේ බුදුපිළිම කැඩීමේ සිද්දියට මෙම අයියා මලෝ දෙදෙනා සම්බන්ධ බවට රහස් පොලිස් නිලධාරීන් මේ වනවිට අනාවරණය කරගෙන ඇත.

යතුරු පැදියට ඇටවූ බෝම්බය පුපුරා ගොස් තිබුණේ පසුගිය 16 වැනිදා රාත්‍රි 10.20ට පමණය.

ඒ අවස්ථාවේදී එම ප්‍රදේශයට අකුණක් පහත් වී තිබේ.

අකුණේ කම්පනය සමග ආ විදුලි ධාරාවට බෝම්බයේ ඩෙටනේටරය පුපුරා ගොස් ඇති බවට පෙනී ගොස් ඇත.

බෝම්බය අටවා තිබූ ස්කුටි වර්ගයේ යතුරු පැදිය කැලණිය ප්‍රදේශයේ කාන්තාවක් විසින් භාවිත කොට විකිණීම සදහා කදාන ප්‍රදේශයේ පිහිටි වාහන අලෙවි ස්ථානයකට භාරදී තිබේ.

එම ස්ථානයෙන් මෙම යතුරු පැදිය හා එවැනිම තවත් යතුරු පැදියක් පුද්ගලයන් දෙදෙනකු විසින් පැමිණ මිලදීගෙන ඇත.

මෙම පුද්ගලයන් දෙදෙනා වාහන අලෙවි ස්ථානයට පවසා ඇත්තේ තමන් ගාල්ලේ පදිංචිකරුවන් බවයි.

ගාල්ලේ පදිංචිකරුවකුගේ හැදුනුම්පතකට මෙම යතුරුපැදි මිලට ගෙන තිබේ.

මෙම හැදුනුම්පත ද පුත්තලම ප්‍රදේශයේදී පසුම්බිය නැතිවූ පුද්ගලයකුගේ හැදුනුම්පතක් බවට අනාවරණය වී ඇත.

මෙලෙස නැතිවූ පසුම්බිය පිපිරුමට අදාළ යතුරු පැදිය මිලදී ගැනීමේදී සැකකරුවන් විසින් භාවිත කොට තිබේ.

ඉකුත් නොවැම්බරයේ දී පොලිස් නිලධාරීන් දෙදෙනකු වෙඩි තබා ඝාතනයට ද මෙම සිද්ධියේ සැකකරුවන් සම්බන්ධ බවට මූලික විමර්ශනවලදී පෙනී ගොස් ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්