ඉෂාර රත්නකාර
ලෝක කාන්තා දින සැමරුමට සමාගාමීව කාන්තාවන්ටම වෙන්වූ දුම්රිය මැදිරි සේවාව අද සිට ආරම්භ විය. එය නිල වශයෙන් උත්සවාකාරයෙන් වේයන්ගොඩ දුම්රිය ස්ථානයේදි පැවැත්විණි.
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගෙන් ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවය සදහා එම අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියද සහභාගි විය. කාන්තාවන් සදහා වෙන්වූ දුම්රිය මැදිරි කාර්‍යාලීය දුම්රිය 07කට එක්කර තිබේ.