කාන්තාවන්ට සලකන ආකාරයෙන් රටක සැබෑ සංවර්ධනය පෙන්නුම් කෙරෙනවා – ජනාධිපති

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

 

යම් රටක් කාන්තාවට සලකන ආකාරය එරට සැබෑ සංවර්ධනය පෙන්නුම් කරන සමාජ දර්ශකයක් වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අවධාරණය කර සිටී

අදට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන්  කර ඇත

ඒ අනුව  ශ්‍රී ලංකාව සෙසු බොහෝ රටවලට ආදර්ශයක් සපයා ඇතැයිද ජනාධිපතිවරයා මෙම පණිවුඩයේ සඳහන් කර ඇත

ශ්‍රී ලාංකේය සමාජය තුළ ස්ත්‍රිය, දියණියක, සහෝදරියක, බිරිඳක, මවක සහ ගෘහණියක ලෙස ඇගේ භුමිකාව අතීතයේ සිට ගෞරව බුහුමන් යුතුව අගය කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහි සඳහන් කර ඇත.

.