නවතම පුවත්

ශ්‍රී ලංකාවට එරෙහි මානව හිමිකම් යෝජනාවලියේ “සැර” බාලවේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරය සඳහා, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සකස්කළ යෝජනාව සංශෝධනය කර ඇති අතර එම සංශෝධනය හේතුවෙන් යෝජනාවේ “සැර ” තරමක් දුරට බාලවී ඇති බව  ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත .

මෙම සංශෝධිත යෝජනාව අද (08) දින ජගත් මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත්වීමට නියමිතය .

. ශ්‍රී ලංකා රජය විසින් කවුන්සිලය වෙත  ඉදිරිපත් කළ යෝජනා සළකා බැලීමෙන් අනතුරුව මෙම සංශෝධනය සිදු කිරීමට තීරණය කර ඇති බවද වාර්තාවේ .

ශ්‍රී ලංකා රජය, විසින්  එකඟ වූ කාරණා සපුරාලීමට අපොහොසත් වීම සම්බන්ධයෙන්, ගතයුතු පියවර කිහිපයක්  මීට පෙර මෙම යෝජනාවෙන් නිර්දේශ කර තිබුනද එම  පියවරයන  ඉවත් කරමින් යෝජනාව සංශෝධනය කර ඇති බවද ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කර ඇත .

මානව හිමිකම් කඩකිරීම්වලට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලන්ගේ වත්කම් තහනම් කිරීමට හා සංචාරක තහනම් පැනවීමට මානව හිමිකම් කොමසාරිස්වරිය යෝජනා කර තිබූ නමුත් එම යෝජනාවද නව සංශෝධන යටතේ ඉවත්කර ඇත .

මීට අමතරව ශ්‍රී ලංකාව ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණය හමුවට කැඳවීමට සිදුකර තිබූ යෝජනාවද ඉවත් කර තිබේ. ඒ වෙනුවට යුද අපරාධ සම්බන්ධයෙන් යුක්තිය පසිඳලීමට අවශ්‍ය සාක්ෂි එක්රැස් කර ගැනීම, තහවුරු කර ගැනීම, විශ්ලේෂණය හා සංරක්ෂණය අවශ්‍ය බව සංශෝධිත යෝජනාව හරහා ඉදිරිපත් කර ඇත.

මානව හිමිකම් හා ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වගවීම් ක්‍රියාමාර්ග තහවුරු කළයුතු බවත්, දෙමළ සහ මුස්ලිම් සුළු ජන කොටස් තවදුරටත් කොන්වීම සහ ඔවුන් සම්බන්ධයෙන් බලපෑම් සිදුකිරීම වැළැක්වීම මෙන්ම මාධ්‍ය නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදයේ අවකාශය සුරැකීම වැදගත් වන බවත් සංශෝධනයෙන් යෝජනා කර තිබෙ.

යුද්ධයෙන් පීඩාවට පත්වූවන් සැමරීමේ අයිතියට බාධා කිරීම හා ස්මාරක විනාශ කිරීම පිළිබඳවද යෝජනාවට අලුතින් කරුණු ඇතුළත් කර තිබෙන බව වාර්තාවේ .

 

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි