නවතම පුවත්

කාන්තා ක්‍රිකට් පිල සිම්බාබ්වේ සිරවේ – චමරි ඉල්ලා අස්වේ !

Roshan

Roshan

පැතුම් වික්‍රමරත්න 

සිම්බාබ්වේහිදී පැවැත්වෙමින් තිබියදී අත්හිටුවූ කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලැබී ක්‍රිකට් තරගාවලියට සහභාගි සිටි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකාවන් හත් දෙනෙක් ‘කොවිඩ්’ ආසාදිතයන් වීම නිසා ගුවන් යානයට ප්‍රවේශකරගැනීම ප්‍රතික්ෂේප කිරීමෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේහි සිරවී සිටියි.

එම තරගාවලියට සහභාගී වී සිටි සෙසු විදේශ කණ්ඩායම් අට පෙරේද  (27) එකම ගුවන් යානයෙන් ඩුබායි බලා පැමිණි අතර එම ගුවන් යානයට ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රවේශකරගැනීමට සෙසු කණ්ඩායම් අකමැති වීම නිසා ශ්‍රී ලංකා පිලට තව දුරටත් සිම්බාබ්වේහි රැදී සිටීමට සිදුව තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පැවසුවේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට පමණක් තනි ගුවන් යානයක් වෙන්කරවා ගැනීමට මේ වන විට ගුවන් සමාගම් සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් ඒ සඳහා අන්තර්ජාතික ක්‍රිකට් සභාව ද සහයෝගය දක්වන බවයි.

කොවිඩ් ආසාදිත කාන්තා නිලධාරිනිය සහ ක්‍රීඩිකාවන් හට දෙනා තව දුරටත් සිම්බාබ්වේහි තවතා තැබීමට සිදුවන බවත් ඈෂ්ලි ද සිල්වා මහතා වැඩි දුරටත් පැවසීය.

මේ අතර  ශ්‍රී  ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා සුපිරි පිතිකාරිනී චමරි අතපත්තු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් ඉවත් වීමට තීරණය කර ඇත.

ඇය පෞද්ගලික හේතුවක් මත ශ්‍රී ලංකා පිලෙන් ඉවත් වීමට තීරණය කර ඇති බවද වාර්තාවේ .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්