කාබනික-කොම්පෝස්ට් පොහොරටත් ප්‍රමිතියක්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

කාබනික හා කොම්පෝස්ට් පොහොරවලට අදාලව  නිසි ප්‍රමිතියක් සකස් කිරීමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය කටයුතු ආරම්භ කර ඇත .

කාබනික පොහොර සකස් කිරීමේදී පොස්පොරස්, පොටැසියම් වැනි ද්‍රව්‍ය යෙදීමේදී නිසි ප්‍රමිතයක් අවශ්‍ය බවත් ඒ අනුව ඊට අදාලව පිළිගත් ප්‍රමිතිකරණයක් ක්‍රියාවට නැංවිය යුතු බවත් ප්‍රමිති ආයතන සභාපති වෛද්‍ය නිහාල් ජයතිලක මහතා මාධ්‍ය වෙත පැවසීය

මේ වනවිට මෙරට කාබනික හා කොම්පෝස් පොහොර මහා පරිමාණ ව්‍යාපාරිකයින් මෙන්ම  ගොවින් විසින් නිෂ්පාදනය කරනු ලබන බවත් මේවා විවිධ එකිනෙකට වෙනස් ප්‍රමිතීන්ගෙන් හා ගුණාත්මතත්වයන්ගෙන් පවතින බවත් ජයතිලක මහතා පැවසීය

නිසි ප්‍රමිතියෙන් යුතුව පොහොර නිෂ්පාදනයට අවස්ථාව ලබාදීම සඳහා ප්‍රමිතියක් සකස් කිරීමට මේ වනවිට ප්‍රමිති ආයතනය කටයුතු සිදු කරමින් පවතින බව ද සභාපතිවරයා ප්‍රකාශ කළේ ය.