නවතම පුවත්

කාබනික පොහොර නිෂ්පාදනයට අලුතින් ව්‍යාපෘති 82ක්!

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කාබනික පොහොර නිෂ්පාදනය හා ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘති 82 ක් පළාත් පාලන ආයතන මට්ටමින් ක්‍රියාත්මක කිරීමට පළාත් සභා සහ පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යංශය පියවර ගෙන ඇත.

මේ සඳහා රුපියල් මිලියන 2770 ක් වැය කරන බව පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මාධ්‍ය වෙත පැවසීය

කාබනික පොහොර රට තුල නිපදවීමේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයෙ අනුව ක්‍රියාත්මක වෙමින් මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බව ද හෙතෙම සඳහන් කලේය.

ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ අවශ්‍යතාවය යටතේ ක්‍රියාත්මක වැඩසටහන් මඟින් කව්ෂිමා කාබනික පොහොර නිෂ්පාදන ස්ථාන 09 ක් ස්ථාපනය කර ඇති අතර ඒවායෙහි තවදුරටත් අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීම් සඳහා රුපියල් මිලියන 1980.00 ක් වැය කෙරෙන බවත් රුපියල් මිලියන 270 ක් වැය කරමින් කොම්පෝස්ට් අංගන 23 ක් ඉදි කිරීම හා නඩත්තු කිරීම සිදු කර ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවැසීය.

මළ අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ පද්ධති 07 ක් ද ස්ථාපනය කර ඇතැයි පැවසූ රණසිංහ මහතා ඒ සඳහා වැය කල මුදල රුපියල් මිලියන 200 ක් බවත් ගම සමඟ පිළිසඳරක් වැඩසටහනෙන් ඉදිරිපත් වු කසල කළමනාකරණ පිළිබඳ යෝජනා 16 ක් ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 140 ක් වැය කර ඇති බවත් කියා සිටියේය. .

ඊට අමතරව නගර ආශ්‍රිත මහජන වැසිකිලි පද්ධති, අපද්‍රව්‍ය හා මළඅපද්‍රව්‍ය ප්‍රතිචක්‍රිකරණ පද්ධති 27 ක් ඉදි කිරීම සඳහා තවත් රුපියල් මිලියන 180 ක් වැය කර ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පැවැසීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්