බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම, වයඹ හා ඌව පළාත්වලත් බස්නාහිර වෙරළබඩ ප්‍ර දේශ වලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 50-60 දක්වා තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
අද පෙරවරු 6.00ට නිකුත් කර ඇති මෙම නිවේදනය හෙට පෙව 6.00 තෙක් වලංගු බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් බස්නාහිර වෙරළබඩ ප්‍රදේශ වලත් විටින් විට හමන පැ.කි.මී. 50-60 දක්වා තද සුළං සහ නැගෙනහිර සහ උතරුමැද පලාත්වල පැ.කි.මී. 50 දක්වා තරමක් තද සුළං ඇතිවීමේ ඉහල හැකියාවක් පවතී.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර වයඹ පළාතේත් මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.
ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ට වැඩි තරමක් තද වර්ෂාපතනයන් ඇති විය හැක.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.