නවතම පුවත්

කැනඩාවේ ප්‍රකාශය , ශ්‍රී ලංකාව ප්‍රතික්‍ෂේප කරයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවේ යුද ගැටුම් පැවති සමයේ සිදුවූ ජන සංහාරය පිළිබඳ කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘෘඩෝ මහතා සිදු කළ සාවද්‍ය ප්‍රකාශය විදේශ කටයුතු අමාත්‍යාංශය තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.

කැනේඩියානු අගමැතිවරයා සඳහන් කර තිබුණේ මැයි 18 වනදා දෙමළ ජන සංහාර දිනයක් ලෙසය.

මීට ප්‍රතිචාර දක්වමින් විදේශ කටයුතු අමාත්‍යංශය පවසන්නේ රටක ප්‍රමුඛ පෙළේ නායකයකු මෙවැනි වගකීම් විරහිත සහ පක්ෂග්‍රාහී ප්‍රකාශ සිදුකිරීම නිසා සාමය සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම වෙනුවට කැනඩාව සහ ශ්‍රී ලංකාව තුළ අසමගිය සහ වෛරය ව්‍යාප්ත වන බවය.

මෙරට විජයග්‍රහණයේ සැමරුම සම්බන්ධයෙන් කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ මහතා ඊයේ ප්‍රකාශයක් නිකුත් කර තිබුණි.

වසර 14 කට පෙර මුල්ලිවයික්කාල් හි සිදුවූ සමූල ඝාතනය ඇතුළු පැවති සන්නද්ධ ගැටුම්වලදී දහස් සංඛ්‍යාත දෙමළ ජනතාවට ජීවිත අහිමි වූ බවත් තවත් විශාල පිරිසක් අතුරුදන් වී, තුවාල ලබා හෝ අවතැන් වී ඇති බව කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබුණි.

මැයි 18 යනු දෙමළ ජන සංහාරය සිදුවූ දිනය සිහිගන්වන්නක් බවට සිය පාර්ලිමේන්තුව තුළ ඒකමතිකව යෝජනාවක් ද සම්මත කළ බව ඔහු පවසයි.

සිවිල් යුද්ධයෙන් මිය ගිය පුද්ගලයන්ගේ සහ දිවිගලවා ගත් තැනැත්තන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම කැනඩාව කිසිදා අත්නොහරින බව ද ජස්ටින් ටෲඩෝ මහතා ප්‍රකාශ කර තිබේ.

කැනේඩියානු අග්‍රාමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය තරයේ ප්‍රතික්ෂේප කර තිබුණි.

“ජන සංහාරය” යන්න පදනම් විරහිත ප්‍රකාශයක් බව එම අමාත්‍යාංශය පෙන්වාදෙයි.

වෛරී, සාවද්‍ය තොරතුරු සහ අන්තවාදී අදහස් ප්‍රවර්ධනය කරන ගෝලීය වේදිකාවක් බවට කැනඩාව පත් කිරීමෙන් වළකින ලෙසත්, විකෘති කරුණු මත පදනම්ව ශ්‍රී ලංකාව කෙරෙහි දක්වන අනවශ්‍ය අවධානය නවතාලන ලෙසත් ශ්‍රී ලංකාව කැනඩාව සහ එහි නායකයන්ගෙන් ඉල්ලා තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්