කැනඩා අගමැතිට කොවිඩ් 

Picture of Roshan

Roshan

කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ ට කෝවිඩ් රෝගය වැළඳී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් අගමැති ජස්ටින් පැවසුවේ ‘අද උදෑසන මා කෝවිඩ් රෝගියෙකු ලෙස හදුනා ගත්තා’ යනුවෙනි.
අගමැති ජස්ටින් එන්නත් දෙකම ලබාගෙන ඇති අතර බූස්ටර්  එන්නත ද ලබා ගත් අයෙක් බවද පැවසේ .ඔහු තවදුරටත් පැවසුවේ ”මගෙ ඇඟට කිසිම අපහසුවක් දැනෙන් නේ නෑ , මම හුදෙකලා වෙලා  මගේ වැඩ ටික කරන් යනවා මම ඔයගොල්ලන්ගෙනුත් මම ඉල්ලනවා එන්නත් දෙකයි බූස්ටර්  එන්නතයි ලබා ගන්න කියලා”.
අගමැති ජස්ටින්ගේ පාසැල් යන වයසේ දරුවන් තුන්දෙනාගෙන් දෙදෙනෙකු ද කෝවිඩ් රෝගය වැළඳී ඇතැයි වාර්තා වේ.
ඕමික්‍රෝන් ප්‍රභේදය කැනඩාවේ වේගයෙන් පැතිර යන මොහොතක ජනතාව දහස් ගණන් වීදි බැස ප්‍රචණ්ඪකාරීව හැසිරෙමින් විරෝධතාවවල නිරත වෙති.