ඉන්දියාව ,විද්‍යුත් ගමන් බලපත්‍රයක් හඳුන්වාදේ !

(ඉන්දියා නිව්ස් නෙට්වර්ක්)  මුද්‍රිත පොත් පිංචවලින් බැහැරව,ඉන්දීය රජය මේ වසරේ විද්‍යුත් ගමන් බලපත්‍ර නිකුත් කිරීම ආරම්භ කරන අතර එයට ඉලෙක්ට්‍රොනික චිප්ස් සහ අනාගත තාක්‍ෂණය ඇතුළත් වන බව ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් අඟහරුවාදා අයවැය 2022 ඉදිරිපත් කරමින් නිවේදනය කළේය. ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස් වාර්තා කරන අන්දමට චිප්-සක්‍රීය ඊ-ගමන් බලපත්‍රවල උසස් ආරක්ෂක විශේෂාංග ඇති අතර අයදුම් කිරීමේ…

ඉන්දීය ණය ගිවිසුමට අත්සන් තැබෙයි !

ඉන්ධන අර්බුදයට සහන සැලසීමේ අරමුණින් ඛනිජ තෙල් නිෂ්පාදන මිලදී ගැනීම සඳහා ඉන්දියාවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ණය මුදල් ලබාගැනීමට අදාළ ගිවිසුමට අත්සන් තබා ඇත. ඉන්දියානු එක්සිම් බැංකුවේ නියෝජිතයා සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර් ආටිගල මහතා මෙම ගිවිසුමට අත්සන් තැබූ අතර එම අවස්ථාවට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ ද…

බූස්ටරේ ගත්ත කිසිම කොළඹ වැසියෙක් කොරෝනාවෙන් මියගිහින් නැහැ!

කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා පැවසුවේ මේ වනවිට කොළඹ නගරය තුළ කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම 15%කින් වැඩිවී තිබෙන අතර මරණ 4%කින් වැඩිවී ඇති බවය. අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය “ජනවාරි පළමු වනදා සිට මේ දක්වා කොළඹ නගරය තුළ වාර්තා වී ඇති සියලුම කොවිඩ් මරණ අපි විශ්ලේෂණය…

joe biden over china

අමෙරිකාවත් චීන “ණය උගුලේ” හිරවෙයි !

ඇමරිකාවේ ජාතික ණය ප්‍රමාණය ඩොලර් ට්‍රිලියන 30 ඉක්මවන වාර්තාගත ඉහල අගයකට ලඟා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරසිටී එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තු දත්ත පෙන්නුම් කළේ – ජනවාරි 31 වන විට හිඟ මුළු රාජ්‍ය ණය ප්‍රමාණය ඩොලර් ට්‍රිලියන 30.1 ක් වූ අතර, වසංගතය පැමිණීමට පෙර 2020 ජනවාරි අග දී රට සිය ණය දෙන්නන්ට ගෙවිය යුතු…

කහ අල තැම්බීම කල යුතු ම ද?

බොහෝ දෙනෙකුට තිබෙන ගැටළුවක් තමයි කහ කුඩු හෝ පේස්ට් හදන ක්‍රියාවලියේ දී මුලින් ම අමු කහ තැම්බීම කල යුතු ම ද කියන දේ. මේ සටහන තුලින් අද අපි විමසන්න යන්නේ ඒ ගැනයි. කහ තැම්බීම කල යුතුම ද? එයින් ලැබෙන යම්කිසි විශේෂ වාසියක් තිබෙනවා ද? ඔව්. අනිවාර්යයෙන් ම කල යුතු යි. මොකද එනිසා ලැබෙන විශේෂ වාසි…

කොරෝනාවෙන් පරිසරයටත් බලපෑම් !

කොවිඩ් වසංගත ව්‍යාප්තිය තුළ එක්රැස්වූ ටොන් දහස් ගණනක සායනික අපද්‍රව්‍ය හේතුවෙන් දැඩි සෞඛ්‍ය හා පාරිසරික ගැටලුවක් උද්ගත වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. අවිධිමත්ව කසළ බැහැර කළ ස්ථාන ආශ්‍රිතව වෙසෙන පුද්ගලයන්ට මෙන්ම සෞඛ්‍ය සේවකයන්ටද ඉන් වැඩි බලපෑම් එල්ල වියහැකි බව එම සංවිධානය පෙන්වාදෙයි. ඉවත දමන සිරින්ජර, භාවිතා කරන ලද කොවිඩ් පරීක්ෂණ කට්ටල සහ එන්නත්…

රුසියාව යුද්ධයකට ඇද දමන්න , ඇමෙරිකාව උත්සාහ කරනවා – පුටින්

රුසියාව යුද්ධයකට ඇද දැමීමට අමෙරිකාව උත්සහ දරමින් සිටින බවට රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් ජාත්‍යන්තර මාධ්‍ය හරහා   චෝදනා කර සිටී . යුක්රේනය පදනම් කර ගනිමින් අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් සහ රුසියාව අතර හටගෙන ඇති අර්බුදය පදනම් කර ගනිමින් රුසියානු ජනාධිපතිවරයා මෙම චෝදනාව සිදුකර ඇත . යුක්රේන අර්බුදය පිළිබඳව බටහිර රටවල මැදිහත්වීම ගැන ,  රුසියානු ජනාධිපති ව්ලැදිමීර්…

ePaper – Wednesday, February 02, 2021

🔴 කොවිඩ් යළි උත්සන්න වෙයි
🔴 අවසර නැතුවට ඊයෙත් දෙවරක් විදුලිය කපලා
🔴 ලිත් නඩුවෙන් බැසිල් නිදහස්
🔴 එක්ස්ප්‍රස් පර්ල් සුන්බුන් ඉවත් කිරීම දින 120කින් අවසන්

ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රවර්ධන සැලසුම් වෙනස්කරයි !

ගෝලීය කොවිඩ් ව්‍යාප්තියේ වැඩිවීම හේතුවෙන් මෙරට සංචාරක කර්මාන්තයට ද යලි බලපෑම් එල්ලවනු ඇති බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි අමාත්‍යවරයා මාධ්‍ය වෙත  සඳහන් කළේ ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් සංචාරකයින් පැමිණෙන යුරෝපා රටවලින් මෙරටට සංචාරකයින් පැමිණීම මේ වන විට අඩුවී ඇති බවයි. පවතින තත්ත්වය සලකා ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රවර්ධන සැලසුම් ද වෙනස් කර ඇතැයිද  අමාත්‍යවරයා…

පොලිස් වලියක්

අසංක නවරත්න  පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා වරකපොල පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. ඒ පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙනි. රථවාහන වරදක් සම්බන්ධයෙන් 29 වැනිදා රාත්‍රියේ වෑන් රථයකින් ගමන් ගත් පිරිසක් සහ මෝටර් රථයකින් ගමන් ගත් පිරිසක් අතර අබේපුස්ස ප්‍රදේශයේදී ගැටුමක් හටගෙන ඇත. එහිදී දෙපාර්ශවය අතර ගැටුමක් ඇතිවී තිබේ. වෑන් රථයේ ගමන් කර ඇත්තේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයෙකු,…

කොවිඩ් යළි උත්සන්න වෙයි 

* දෛනික මරණ – ආසාදිතයින්‌ ඉහළට * අදම බූස්ටර් ගන්න අසංක නවරත්න  පසුගිය වසරේ නොවැම්බර් මාසයෙන් පසු මෙරට තුළ ඊයේ (31) වනවිට Covid-19 ආශ්‍රිත මරණ 32 ක් දක්වා සීග්‍ර ලෙස ඉහළ තිබේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළ පරිදි පෙරේදා දින එම කොවිඩ් මරණ සිදුව තිබුණි. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ මුළු Covid මරණ සංඛ්‍යාව…

අවසර නැතුවට ඊයෙත් දෙවරක් විදුලිය කපලා

අසංක නවරත්න  විදුලි කප්පාදුවකට අවසර ලබා දෙන ලෙස විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් ඊයේ කල ඉල්ලීමට අවසර හිමි නොවුවද දිවයිනේ ප්‍රදේශ රැසක ඊයේ පස්වරුවේ සහ රාත්‍රී කාලයේ විදුලි කප්පාදු සිදු වූ බව වාර්තා විය. බොහෝ ප්‍රදේශ වලට ප්‍රදේශවලට පස්වරු වේ ප්‍රදේශ වලට පස්වරුවේ පැයකට අධික කාලයකුත් රාත්‍රී 6.30න් පසු පැයක පමණ කාලයකුත් මෙලෙස විදුලි…