නවතම පුවත්

කැබිනට්ටුව කිව්වට අපි ගණන් උස්සන්නේ නෑ – PUCSL

අසංක

අසංක

හෙට දින කැබිනට් මණ්ඩලය වෙත විදුලි බිල වැඩිකිරීමේ යෝජනාව ඉදිරිපත් වනු ඇතැයි වාර්තා වුවද විදුලිබල මණ්ඩලය විසින් ගාස්තු වැඩිකිරීමක් සම්බන්ධයෙන් සලකා බැලීම සඳහා වන යෝජනාව ප්‍රථමයෙන් මහජන කොමිෂන් සභාවට ඉදිරිපත් කළ යුතු බවත් ඒ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට තීරණ ගත නොහැකි බවත් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජානක රත්නායක මහතා පවසයි.

පනත වැරදි ලෙස අර්ථකනය කර විදුලි ගාස්තු ඉහළ දැමීම ‘සාමාන්‍ය ප්‍රතිපත්ති සැලසුම්’ යටතට ගෙන කැබිනට් මණ්ඩලය යෝජනාව ඉදිරිපත් කිරීමට සූදානම් වන බවත් ජනක රත්නායක මහතා පැවසීය.

විදුලි ගාස්තු ඉහළ දැමීමේ ක්‍රමවේදය පැහැදිළිව පනතේ වෙනම දක්වා ඇති බව කී රත්නායක මහතා ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව විදුලිබල මණ්ඩලයෙන් ලැබුණ හොත් පමණක් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ද සඳහන් කළේය.

නුදුරු අනාගතයේදී විදුලි බිල වැඩි කිරීමක් සිදුනොවනු ඇතැයි අපේක්ෂා කරන බව ද සභාපතිවරයා අද (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කීය.

ලංකා විදුලිබල මණ්ඩලය විසින් යෝජනා කර ඇති දැවැන්ත ගාස්තු වැඩිවීමක් අඩු විදුලි පාරිභෝගිකයන් ගණයට අයත් නිවාසවලට දරාගත නොහැකි වනු ඇතැයි සභාපති ජනක රත්නායක කියා සිටියේ ය.

අලුතින් යෝජිත විදුලි ගාස්තු වැඩිවීම හෙට (02දා) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ලංවිම ඊයේ (31) නිවේදනය කර තිබුණි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්