කැබිනට් අනුමැතියට ගුරු විරෝධය දිගටම ඔන්ලයින් වර්ජනයේ

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර


ප්‍රබෝධා හෙට්ටිආරච්චි

ඔන්ලයින් ගුරු වර්ජනය ඇතුළු සිය වෘත්තීය ක්‍රියාමාර්ග අඛණ්ඩව ඉදිරියට ගෙන යන බව ගුරු විදුහල්පති ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසයි. ගුරු – විදුහල්පති වැටුප් විෂමතා ගැටලුව විසඳීම සඳහා අමාත්‍ය මණ්ඩලය ඉදිරිපත් කර ඇති යෝජනාව පිළිගත හැකි විසඳුමක් නොවන බැවින් මෙම පියවර ගන්නා බව එම සංගමය පෙන්වා දෙයි.

සේවාවේ ගුණාත්මකභාවය, ගෞරවය, ජීවන වියදමට සරිලන වැටුපක් ලබාගැනීම සඳහා දියත් කළ සටන රුපියල් 5,000කට ලඝු කිරීමට ගුරු විදුහල්පති වෘත්තීය සමිති සූදානම් නැතැයි ද ඊයේ (31) පැවසූහ.

සුබෝධනී කමිටු වාර්තාව මත පදනම් වූ විසඳුමකට යන තෙක්  ඇමති අනු කමිටුව යෝජනා කළ 2018 වැටුප් යෝජනාව එකවර ලබාදෙන ලෙසටත් ගුරු සංගම් ඉදිරිපත් කළ යෝජනා ගැන රජය කිසිඳු සැලකිල්ලක් දක්වා නැති බවත්, ඒ අකාරයේ විසඳුමක් ලැබෙන තුරු සටන ඉදිරියට ගෙන යන බවත් ඔවුහු කීහ.