නවතම පුවත්

කැරළි මර්දන රාළහාමි බූරුවා ගසමින් සිටියදී අත්අඩංගුවට

අසංක

අසංක

කන්තලේ වෙන්ඩ්‍රාසන්පුර දුම්රිය මාර්ගය අසල ලදු කැළෑවක පිරිසක් සමඟ මුදල් ඔට්ටුවට බූරුවා ගසමින් සිටි හබරණ පොලීසියට අනුයුක්තව හිගුරක්ගොඩ පොලීසියේ කැරළිමර්දන අංශයේ සේවයේ නිරතව සිටින පොලිස් කොස්තාපල්වරයෙකුව කන්තලේ පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

බීමත්ව සිටි මෙම පොලිස් කොස්තාපල්වරයා වැටලීම කළ පොලිස් නිලධාරීන්ට බැන වැදී තර්ජනයකරමින් අතින් පයිද පහරදී තිබෙන බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. ඒ අනුව ඔහුව අත්අඩංගුවට ගැනීමෙන් පසු කළ පරීක්ෂාවේදී පොලිස් නිලධාරියෙක් බව අනාවරණය වූ බවද එම උසස් නිලධාරියා පැවසීය.

මෙම නිලධාරියා පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධාකරමින් කලහාකාරී ලෙස හැසිරී ඇත්තේ වැටලීම කළ අවස්ථාවේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙක් මුදාගෙන පළායාමේ අපේක්ෂාවෙන් බව කන්තලේ පොලීසිය සඳහන් කළේය.මෙම පොලිස් නිලධාරියා වැටලීමේ නිරත නිලධාරීන් සමඟ ගැටුමක් ඇතිකර ගනිමින් සිටියදී අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් දෙදෙනා පළාගොස් ඇති බවද පොලීසිය කියයි.

මෙම පොලිස් කොස්තාපල්වරයා සන්තකයේ තිබී වෙනත් පුද්ගලයින් දෙදෙනෙකුගේ රියදුරු බලපත්‍ර දෙකක් තිබී ඇත. මෙසේ අන්පුද්ගලයින් දෙදෙනෙකුගේ රියදුරු බලපත්‍ර දෙකක් ඔහු සතුව තිබීම ගැනද විමර්ශනයක් සිදුකෙරන බව පොලීසිය කියයි.

මෙම වැටලීම කර ඇත්තේ පසුගිය 05 වෙනිදා සවස් කාලයේදීය. ඒ කන්තලේ පොලිසියේ උප පොලිස් පරීක්ෂක නවරත්න ඇතුළු කණ්ඩායමක් විසිනි. අත්අඩංගුවටගත් පොලිස් නිලධාරියා කන්තලේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මතක දැඩි අවවාද කරමින් මුදා හැර තිබේ.

මේ සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වූ පොලොන්නරුව සහකාර පොලිස් අධිකාරීවරයා විසින් ඔහුගේ වැඩ තහනම් කිරීමටද පියවර ගෙන ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්