නවතම පුවත්

කින්නියා දාගැබ සංරක්ෂණ කටයුතු තහනම් – පැමිණිල්ල වෙනුවෙන් සුමන්තිරන්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ත්‍රිකුණාමලය කන්නියා උණු දිය ළිං පුරාවිද්‍යා ස්ථානයෙහි පැරණි ස්මාරක ආශ්‍රිතව පංසලක් ඉදිකිරිමට සුදානම් වන බවත් එය වලක්වන ලෙසත් පවසා ගොණුකල පෙත්සමක් සලකා බැලූ ත්‍රිකුණාමලය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලංචේලියන් මහතා එම ස්ථානයෙහි පංසලක් ඉදි කිරිම,ප්‍රවේශ පත්‍ර නිකුත් කිරිම, පෙත්සම්කාරියට ප්‍රවේශවිමට බාධා කිරිම හා ඇයගේ ඉඩම් වල ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරිම නොකරන ලෙසට පවසා පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල්වරයාට සහ ත්‍රිකුණාමලය දිසාපතිවරයාට අද (22) අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබිය

මාණික්කවාසල පාර, ත්‍රිකුණාමලය ලිපිනයෙහි පදිංචි කෝකිල රමණි නැමැති අය විසින් ගොණු කරනු ලැබු පෙත්සමක් සලකා බැලූ විනිසුරුවරයා මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කරනු ලැබීය.

පෙත්සම්කාරිය විසින් තමන්ට අයත් දේපලක් වන කන්නියා උණු දිය ළිං පරිශ්‍රය පිහිටි ප්‍රදේශයෙහි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් බෞද්ධ විහාරස්ථානයක් ඉදි කිරිමට සුදානම් වන බවට පවසා පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල්වරයා හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම්වරයා වග උත්තරකරුවන් කරමින් මෙම පෙත්සම ගොණු කර තිබුණි

මෙම පෙත්සම ඊයේ (22) දිනයේ විභාගයට ගනු ලැබු අතර වග උත්තරකාර පාර්ශවයට අධිකරණයෙහි පෙනි සිටින ලෙසට නොතිසි නිකුත් කර තිබුණද ඔවුන් අධිකරණයේ පෙනි නොසිටියේය.

මෙහිදි පෙත්සම සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා කරුණු හතරක් යටතේ මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කරනු ලැබිය. වග උත්තරකරුවන් ඔවුන්ගේ සේවකයන් නියෝජිතයන් ඔවුන් යටතේ රාජකාරියේ යෙදි සිටින අනෙකුත් අයවලූන් කන්නියා උණු වතුර ලිං ආශ්‍රිත ප්‍රදේශයේ කලින් තිබු පිල්ලෙයාර් කෝවිල පිහිටා තිබු ස්ථානයෙහි පංසලක් ඉදි කිරිම තහනම් බවත්

එමෙන්ම උණු වතුර ලිං ආශ්‍රිත ප්‍රදේශයට හෝ පිල්ලෙයාර් කෝවිල ආශ්‍රිත ප්‍රදේශයට යාමට පෙත්සම්කාරියට හෝ ඇය යටතේ සිටින ආගම් භක්තිකයන්ට බාධා නොකල යුතු අතර එම ස්ථානයෙහි ප්‍රවේශපත්‍ර නිකුත් නොකල යුතු බවත්

මාරි අම්මාන් කෝවිලට අයත් ඉඩම් වල ප්‍රතිසංස්කරණ කටයුතු කිරිමට පෙත්සම් කාරියට හෝ ඇගේ නියෝජිතයන්ට බාධා නොකල යුතු බවත්

පෙත්සම්කාරිය හෝ ඇයගේ නියෝජිතයන්ට කන්නියා උණු දිය ලිං ආශ්‍රිතව පිහිටා ඇති මාරි අම්මාන් කෝවිලට අයත් දේපල පරිපාලනය කිරිමට බාධා නොකල යුතු බවත් සඳහන් කරමින් මෙම නියෝගය නිකුත් කරනු ලැබිය.

මෙහිදි පෙත්සම්කාර කෝකිල රමණි අය වෙනුවෙන් දෙමල ජාතික සංධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම් ඒ සුමන්තිරන්, නිතිඥ ප්‍රශන්තිනි උදය කුමාර්, කේසෙවන් සයන්දන් යන නිතිඥවරුන් අධිකරණයෙහි පෙනි සිටියහ.

මේ පිලිබද‍ව ඊයේ පැවති මාධ්‍ය හමුවේදී ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත පුංචි නිලමේ කරුණු දැක්වූවා

මේ රටේ ජනාධිපති අගමැති විතරක් නෙවෙයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පවා කටයුතු කල යුත්තේ රටේ නිතිය අනුවයි කන්නියා පුරාවිද්‍යා ස්ථානයෙහි දා ගැබ සම්බන්ධයෙන් ආරවුල් ඇති කිරිමට උත්සාහ කරන්නේ පුරාවිද්‍යා පනතවත් හරියට නොකියවපු අයයි. ඒ අය මිනිස්සු භේද කරවලා නැති ප්‍රශ්ණ ඇති කරන්න කටයුතු කරන්නේ යැයි ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත පුංචි නිලමේ මහතා පැවැසීය.

ඒ මහතා එසේ කියා සිටියේ ඊයේ (22) ත්‍රිකුණාමලය තානායමෙහි පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. ප්‍රදේශයේ සිවිල් ක්‍රියාකාරින් පිරිසක් සමග එක්ව පැවැත්වු මාධ්‍ය හමුවේදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේ පැවැසීය

කන්නියා පුරාවිද්‍යා ස්ථානයෙහි කෝවිලක් තිබු තැනක විහාරයක් හදනවා කියලා වැරදි වැටහීමක් ඇති කිරිමට පිරිසක් උත්සහ කරමින් ඉන්නවා මිනිස්සු භේද කරවලා නැති ප්‍රශ්ණ ඇති කරවන්නැයි මේ අය හදන්නේ මම දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයා විදිහට මගේ විරෝධය පල කරනවා පසුගියදා ඇති වුණ සිදුවීමට කන්නියා උණු දිය ලිං පරිශ්‍රයට ඇවිත් තිබුනෙ මුලතිවු දිස්ත්‍රික්කයේ අයයි පිට දේශපාලනඥයනුයි දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ ගැටලූවට මැදිහත් වුනේ නැහැ අපි කියන්නේ මේ ගැටලූව විසදන්න නිීත්‍යානුකූලව පවතින නිතිය අනුව කටයුතු කලා නම් හරි වසර 2500 කට ඉහත ඉදි කල බව කියන පුරාවිද්‍යා ස්මාරකයක් හමු වුණා නම් ඒක දා ගැබක් කියලා තහවුරුවෙනවා නම් ඊට අදාල පුරාවිද්‍යා පනත අනුව කටයුතු කරන්න ඕන කාට හරි පුරාවිද්‍යා පනත ගැන ගැටලූවක් තියෙනවා නම් අධිකරණයට යන්න පුලූවන් එදා දිසාපතිවරයා මෙම දා ගැබේ සංරක්ෂණ තාවකාලිකව නතර කලේ දෙපාර්ශවය අතර ඇති වන්න ගිය ගැටුම නිසා ප්‍රදේශයේ සාමය කඩවෙයි කියලා හිතපු නිසයි ඒ නිසා පනත ගැන නොදන්නා අය පුරාවිද්‍යා පනත යලි කියවලා දැන ගත්තානම් හරි යැයි පවැසීය.

මෙහිදි අදහස් දැක්වු විශ්‍රාමික විදුහල්පති ආර්. කරුණාහරන් මහතා පුරාවිද්‍යා පනතක් තියෙනවා ඒ වගේම රටේ නිතියක් තියෙනවා ඒ අනුව කටයුතු කරානම් මේ පුරාවිද්‍යා ස්මාරකයේ ප්‍රශ්ණය විසඳගන්න පුලූවන් අපි දෙමල සිංහල සියලූ දෙනා සමගියෙන් හිටිය අයයි පිටින් ආ දේශපාලනඥයන් බස් වලින් එදා සෙනග ගෙනැවිත් කන්නියා ප්‍රදේශයේ කලහකාරි සිදුවිමක් ඇති කලා තවදුරටත් එහෙම වෙන්න ඕන නැහැ ඒ නිසා පවතින නිතිය අනුව ඉදිරියට කටයුතු කලා නම් මේ ගැටලූව විසදගන්න පුලූවන් යැයැ පැවැසීය

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්