නවතම පුවත්

කින්නියා පාලම් පාරුවක් පෙරළී 6ක් මාරයාට බිලි

Roshan

Roshan

* පාසල් දරුවොත් මියගිය අය අතර

* කුපිත වූ ගම්මු මන්ත්‍රී නිවසකට පහරදෙයි

දම්පත් රණසිංහ

කින්නියා කුරුඤ්ඤංකර්නි හී කලපුවේ පාලම් පාරුවකින් පිරිසක් ඊයේ් (23) උදෑසන ගමන් ගනිමින් සිටියදී එය පෙරළීමෙන් 6 දෙනකු මියගොස් ඇතැයි පොලීසිය පැවසීය.

දියේ ගිලුණු 20 කට ආසන්න පිරිසකගේ දිවි බේරාගෙන රෝහල් ගත කර තිබුණි.

මියගිය අය අතර පාසල් යමින් සිටි දරුවන් කිහිපදෙනකු ද සිට ඇත. පාරුවේ ගමන් ගත් පාසල් දරුවන් ගණනාවක් අනතුර සිදුවන විට එහි සිට ඇත.

නාවික හමුදාවේ කිමිදුම් කරුවන් විසින් දියේ ගිළිනු තවත් පිරිස් සොයා මෙහෙයුම් දියත් කළේය.

පාලම් පාරුව පෙරළී ඇත්තේ එහි ප්‍රමාණයට වඩා වැඩිපිරිසක් ගමන් කිරීම නිසා බව මූලික විමර්ශනවලින් පෙනී ගොස් තිබේ.

මෙම සිද්ධියෙන් අනතුරුව කින්නියා හීදී පාලම් පාරුවක් පෙරලීමෙන් සිදුවූ අනතුරින් පසු කළහාකාරී වූ පිරිසක් මුස්ලිම් කොංග්‍රසයේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්. තවුෆික් මහතාගේ කින්නියා හී පිහිටි නිවසට ගල්මුල්වලින් පහරදී හානිකර ඇත.

නිවසේ දොර ජනේල්වලට දැඩිව හානි සිදුව ඇති බව පොලීසිය පවසයි.

කින්නියා ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මන්ත්‍රීවරයා ජනතා නියෝජිතයකුව සිටියද පාලමක් ඉදි කළ යුතු තැනක මෙතෙක් කාලයක් පාලමක් ඉදි නොකිරීම මෙම ඛේදවාචකයට හේතුවූ බවට චෝදනා කරමින් ජනතාව කුපිත වී එම නිවසට ප්‍රහාර එල්ල කර ඇතැයි වාර්තා වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්