කොවිඩ් – 19 ආසාදනය වී බරපතළ තත්ත්වයේ පසුවන පුද්ගලයින්ගේ අධික වේදනාව සාර්ථකව සමනය කළ හැකි ඖෂධ දෙකක් තම වෛද්‍යවරුන් විසින් නිපදවා ඇති බව කියුබානු රජය ප්‍රකාශ කර සිටී .
එරට කොරෝනා මරණ අවම වීමට හේතුවද එම ඖෂධ වර්ග දෙකම වන බව කියුබානු රජයේ ප්‍රකාශකයකු ජාත්‍යන්තර මාධ්‍ය වෙත සඳහන් කර ඇත . මෙම ඖෂධ හේතුවෙන් කියුබාව කොවිඩ් මරණ මෙන්ම එම රෝගය හරහා අසාධ්‍ය වීමද අඩු මට්ටමක පවත්වා ගැනීමට හැකි වී ඇති බව එරට රජය පවසයි
කෙසේ වෙතත් මේවන විට කියුබාවෙන් කොවිඩ් මරණ 82 ක් වාර්තා වන අතර මරණ අනුපාතය 7ක් ලෙස දැක්වේ. සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2000කට ආසන්න වේ.ඒ අතරින් 1600 කට අධික සංඛ්‍යාවක් සුවය ලබා ඇත.