කියුබාවේ කොරෝනා වෛරස ආසාදිත රෝගියකු මියගොස් තවත් රෝගීන් 57 ක් හමුවී තිබේ.
තවත් පුද්ගලයින් 1,479 ක් අධීක්ෂණය කිරීම සඳහා රෝහල් ගත කර ඇත.
තවත් 37,788 දෙනෙකු නිවසේදී වෛද්‍යවරුන් විසින් නිරීක්ෂණය කරනු ලැබේ.
මියගොස් ඇත්තේ 61 හැවිරිදි ඉතාලි සංචාරකයෙකු වන අතර ඔහු කියුබාවට පැමිණීමට පෙර වෛරසය වැළඳී ඇත.
එරට පාසල් අප්‍රේල් 20 වැනිදා තෙක් වසා වසා තිබේ.
කියුබානුවන්ට රටින් පිටවීම තහනම් කර තිබේ.
නිවසින් පිටත් වූ අවස්ථාවේ සිට පුද්ගලයන් අතර අඩි 3ක් හෝ 6ක පරතරයක් පවත්වා ගැනීමට කියුබානුවන් කටයුතු කරති.