කිරිපිටි ආනයනය තාවකාලිකව නවතී

Picture of අසංක

අසංක

මිල සූත්‍රයට අනුව සැප්තැම්බර් 01 වැනිදා සිට මිල වැඩි නොකිරීම හේතුවෙන් කිරිපිටි ආනයනය තාවකාලිකව අත්හිටුවීමට කිරිපිටි සමාගම් තීරණය කර ඇත.

ලෝක වෙළඳපොලේ මිල ඉහළ ගොස් ඇති නිසා කිරිපිටි අලෙවියේදී අලාභයක් දැරීමට සිදුව ඇති බව කිරිපිටි සමාගම් ප්‍රකාශ අර සිටිති.

මාස 03කට වරක් සිදුවන මිල සංශෝධනයට අනුව කිරිපිටි කිලෝග්‍රෑමයක මිල මෙවර රුපියල් 50 කින් ඉහළ දැමීමට පාරිභෝගික සේවා අධිකාරිය සැලසුම් කර තිබූ නමුත් ජීවන වියදම් කමිටුවේ අනුමැතිය ඊට නොලැබුණු බවද කිරිපිටිස්මාගම් ප්‍රකාශ කර සිටිති.