කිරි , බිත්තර , මස් ගෙන්නගන්න ඕනේ නම් , මෙන්න අංකය –

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

පවතින කොවිඩ් 19 වසංගතය හමුවේ කිරි,බිත්තර,මස් නිෂ්පාදන, වෙළද පොල වෙත කඩිනමින් යොමුකිරීමේදී ඇතිවන බාධා විසදීම සඳහා සෘජු දුරකථන අංක තුනක් හඳුන්වා දී ඇතැයි පශු සම්පත්,ගොවිපල ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී.හේරත් මහතා ප්‍රකාශ කර සිටී .

ඒ අනුව වෛද්‍ය නිරෝෂන් ගමගේ (අතිරේක ලේකම්- පශු සම්පත්) 0772672015, වෛද්‍ය සාගරිකා සුමනසේකර(අධ්‍යක්ෂ-අභිජනන) – 0718101904 සහ වෛද්‍ය හේමාලි කොතලාවල 0718589004 යන දුරකථන අංකවලට දැනුම් දෙන ලෙස රාජ්‍ය අමාත්‍යවරයා ඉල්ලීමක් කරයි.

අදාල නිෂ්පාදන අලෙවි කරන ජංගම වෙළෙදුන් හට තම ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්, දිස්ත්‍රික් ලේකම් හා පශු වෛද්‍ය කාර්යාල හරහා සෘජුව අවසර ගත හැකි බවත් කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

තවද යම් අයෙකුට කිරි,බිත්තර,මස් ආශ්‍රිත නිෂ්පාදනවලට අමතරව සත්ව ආහාර හා බෙහෙත් ප්‍රවාහනයට අවශ්‍ය අවසරයද ඉහත කාර්යාල මගින් ලබා ගත හැකි බවත් ඔහු සඳහන් කළේය.