දම්පත් රණසිංහ
කිලිනොච්චිය කිරිදියාරු ප්‍රදේශයේ තිබී ගුවන් යානා නාශක අවි කොටසක් සමග ආයුධ තොගයක් හමුවී තිබේ.
ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් අනුව කරන ලද වැටලීමකදී මේවා සොයාගෙන ඇත.
මිලිමීටර් 81 වර්ගයේ මෝටාර් 6ක් ද ඒ අතර තිබී ඇත.
මේ අතර මත්තල දෙසට ගමන් කරමින් තිබූ කැබ් රථයක තිබී බලපත් නොමැති කළු ගල් පුපුරණ ද්‍රව්‍ය තොගයක් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඩෙටනේටර් 100ක් ජෙලට්නයිට් කූරු 195ක් හා ඇමෝනියා කිලෝ 225ක් ඒ අතර තිබී හමුවී ඇත.
මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය සමග සැකකරුවන් 4 දෙනකු ද අත්අඩංගුවට ගෙන තිබේ.