කීර්තිමත් ආර්ථික විද්‍යාඥයෙක් මහබැංකුවේ මහ පුටුවට

Picture of අසංක

අසංක

ශ්‍රී ලංකා මහ බැංකුවේ 15 වැනි අධිපතිවරයා දේශමාන්‍ය මහාචාර්ය ඩබ්.ඩී.ලක්ෂ්මන් මහතා අද වැඩ භාරගෙන තිබේ.

මෙරට කීර්තිමත් ආර්ථික විද්‍යාඥයෙක් වන ඒ මහතා 1994 සිට 1999 දක්වා වකවානුව තුළ කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා වශයෙන් කටයුතු කර ඇත.

අධ්‍යාපන ක්ෂේත්‍රයට ඒ මහතා ඉටු කළ සේවය වෙනුවෙන් 2005 වසරේ දී මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා දේශමාන්‍ය සම්මානයෙන් පිදුම් ලැබීය.