නවතම පුවත්

ඇන්ඩ්‍රොයිඩ් අනතුරක – ට්විටර් update කරන්න

අසංක

අසංක

එන්.කේ.චන්ද්‍රපි‍්‍රය

ඇන්ඩ්‍රොයිඞ් යෙදුමේ අනාරක්‍ෂිතභාවයක් පවතින බැවින් ට්විටර් ඇන්ඩ්‍රොයිඞ් යෙදුම යාවත්කාලීන කරන්නැයි ශී‍්‍ර ලංකා තොරතුරු තාක්‍ෂණ සංගමය ජනතාවට දැනුම් දෙයි.

මෙම දේෂය හේතුවෙන් ට්විටර් ගිණුම් වෙත පිවිසීමට හැකර්වරුන්ට අවස්ථාව උදා වී ඇති බව ට්විටර් සමාගම දැනුම් දී තිබේ.

ශී‍්‍ර ලංකා තොරතුරු තාක්‍ෂණ සංගමය පෙන්වා දෙන්නේ මෙම දෝෂය හේතුවෙන් ට්විටර් ගිණුම්වල පාලනය හැකර්වරුන් අතට පත්වීමේ බරපතල අවදානමක් ඇති වී තිබෙන බවට ට්විටර් සමාගම දැනුම් දී ඇති බවයි.

මේ තත්ත්වය තුළ ට්විටර් ගිණුම් හිමියන්ගේ පෞද්ගලික දත්ත නිරායාසයෙන්ම ලබා ගැනීමට හැකර්වරුන්ට අවස්ථාව උදා වේ. එවැනි සිදුවීම් ගණනාවක් වාර්තා වි ඇතැයිද ට්විටර් සමාගම දැනුම් දී තිබේ.

කෙසේ වෙතත් තත්ත්වය පාලනය කිරීම සඳහා වඩාත් ආරක්‍ෂිත ට්විටර් අන්ඩ්‍රොයිඞ් යෙදුමක් මේ වන විට හදුන්වා දී ඇති බවද එම යෙදවුම උපයෝගී කර ගනිමින් සියළු ගිණුම් යාවත්කාලීන කර ගන්නා ලෙස ද ට්විටර් සමාගම දැනුම් දී ඇති බව ශී‍්‍ර ලංකා තොරතුරු තාක්‍ෂණ සංගමය නිවේදනය කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්